IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෝමාගම රෝහලේදී දරුවකු වැදූ අම්මා කුඩු ඉල්ලලා යකා නටලා

( +++ මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.

ඇය (24) හැවිරිදි තිදරු මවකි.

මීට දින 10 කට පමණ ඉහතදී රෝහල් ගතවීමෙන් පසුව ඇය පිරිමි දරුවකු ප්‍රසූත කර මේ වන විට දින 10 ක් පමණ ගතවී ඇත.

මේ අතරතුර ඇය බැලීමට පැමිණි පුද්ගලයෙකු සැක සහිත යමක් දී ඇති බවට ලද තොරතුරක් නිසා මේ දිනවල ඇයට ගෙනවිත් දෙන සියලු දේ පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

මේ හේතුව නිසා ඇය මත්කුඩු නොමැතිව උමතු ලෙසින් හැසිරෙන්නට පටන්ගෙන ඇති අතර වරක් රෝහලෙන් පැන යාමට පවා උත්සාහ දරා ඇතැයි රෝහල් ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ හේතුවෙන් ළමා වාට්ටුවේ දොරගුළු පවා අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.

ඔව්. මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් වාට්ටුවට ඇතුළත් කර ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඇය දරුවකු ප්‍රසූත කර ඇති නිසා යම් තත්වයකට පත්වන තුරු මේ දක්වා වාට්ටුවේ ඉන්නවා.

ඇයගේ තත්වය ගැන මා එහි කාර්ය මණ්ඩලයෙන් වමසා බලන්නම්. ඇත්තටම මෙවන් කාන්තාවන් සුමගට ගැනීමට අප හැමදෙනාම ක්‍රියා කළ යුතුයි



අදහස් (2)

හෝමාගම රෝහලේදී දරුවකු වැදූ අම්මා කුඩු ඉල්ලලා යකා නටලා

Nimantha Wednesday, 04 March 2020 07:16 AM

දෙයියනේ මේ අප දන්නා ලංකාවද ?

:       0       11

eresh S kumara Wednesday, 04 March 2020 07:23 AM

ඕවා ගෙනත් දෙන අය කලින්ම අල්ලගන්න ඕනි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site