(හර්ෂණ තුෂාර සිල්වා)
අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තිබෙන හොඳම විකල්පය යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.
අයවැයක් හෝ අයවැයක් සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් හොඳම දේ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම යැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
“වත්මන් දේශපාලන අර්බුදය ආර්ථිකයට ලොකු බලපෑමක් කර නැහැ. දැනට තිබෙන නෛතික ප්‍රතිපාදනවලට අනුව විශාල බලපෑමකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන්. මූලධර්මවලට බාධාවක් නැහැ. විදෙස් ණය ගෙවීමට ප්‍රශ්නයක් නැහැ. විදෙස් මූල්‍ය අංශය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතිනවා. අයවැයක් ඉදිරිපත් කළ නොහැකි නම් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තමයි තිබෙන හොඳම විකල්පය”.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේය. ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම ආණ්ඩුව යටතේ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමට නියමිතව තිබූ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එය ද ඉදිරිපත් කළ නොහැකි විය.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘‘හොඳම විකල්පය අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම‘‘
Bamunuarachchi Wednesday, 14 November 2018 04:41 PM
ඔබ හරියට හරි. අතුරු ගිණුමක් නැතිනම් අයවැයක් සම්මත කොර ගන්න. සම්මත නොවුවහොත් බහුතරයක් නොමැති නිසා විසුරුවා හරින්න.