
( කාංචන කුමාර ආරියදාස)
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති.
මාතලේ,ලග්ගල , දඹුල්ල, ගලේවෙල, නාඋල , සීගිරිය යන ගොවිජන සේවා බල ප්‍රදේශවල මේ දිනවල විශාල වශයෙන් තක්කාලි වගාව ආරම්භ කර අස්වනු නෙලීමට ආසන්නව තිබියදී එක වරම මෙම රෝගය ව්‍යාප්ත වී වගාවන් විනාශ වෙමින් පවතින බව ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
පසුගිය දින කිහිපයේ පැවැති වර්ෂාවත් සමඟ දීන කිහිපයක් ගත වෙද්දී තක්කාලි ගස කළු පැහැ ගැන්වී මල් , පත්‍ර සහ තක්කාලි ගෙඩි පිළිස්සී යෑමේ තත්ත්වයක් මතුව ඇති බව ගොවීහූ කියති.
සීගිරිය, දඹුල්ල, ගලේවෙල, නවුල ආදී ප්‍රදේශයන්හි ගොවීන් කියාසිටියේ තක්කාලි අස්වැන්න නෙලීමට ආසන්න ව තිබියදී වර්ෂාව පතිත වීමත් සමඟ මෙම තත්ත්වය උදා වුවද මීට පෙර මෙවැනි රෝගයක් තක්කාලි වගාවේ දැක නොමැති බවයි.
සීගිරියේ ඇතැම් තක්කාලි කොටු අස්වනු නෙලීම සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙන බවත් ඇතැම් තක්කාලි වගාවන් කුඩා අවධියේම මෙම හඳුනා නොගත් රෝගයට ගොදුරු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
විවිධ කෘමි නාශක දියර පොහොර වර්ග සහ විවිධ බෙහෙත් වර්ග විශාල මුදලක් ලබා දී වගාවට යෙදුවද ඉන් කිසිදු පලක් නොවන බව ද තක්කාලි ගොවීන් කියා සිටිති.
කෘෂිකර්ම නිලධාරින් පැමිණ තම වගාවන් පරික්ෂා කළ බවත් එහෙත් එම නිලධාරීන්ට ද මෙම රෝගය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
තම අත කනකර බඩු උගසට තබා ඇතැම් ගොවීන් විශාල වශයෙන් බැංකුවලට ණයවී වගාවන් ආරම්භ කළේ දහසක් බලාපොරොත්තු ඇතිව බවත් එහෙත් අවසානයේ දී තමන්ට ක්කාලි වගාවෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිව විනාශ වී යාම සිදුවන නිසා ඒ පිළිබඳව සොයා බලා යම්කිසි සහනයක් ලබා දෙන්නැයි ඔවුහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.






2025 දෙසැම්බර් මස 04
19
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට