(ඩයනා උදයංගනී)
හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් යුද්ධයෙන් සහ රටේ ඇති වූ වෙනත් ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට මිස ත‍්‍රස්තවාදීන්ට වන්දි ලබාදීමක් සිදුනොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව කොටි සංවිධානය නීති විරෝධි එකක් බැවින් එයට සම්බන්ධව සිටි අයට වන්දි ගෙවීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
විවිධ තත්ත්වයන් හේතුවෙන් 1986 සිට අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීම වෙනුවෙන් පිහිටුවා ඇති කාර්යාලය මගින් ලබාදෙන අතුරුදන් වූ හමුදා සහ සිවිල් පුද්ගලයන්ගේ නාම ලේඛනයේ වන්දි ගෙවීමට සුදුසු අය තෝරා බලා නිර්දේශ කිරීම හා අවශ්‍ය නීති ප‍්‍රතිපාදන රජයට යෝජනා කිරීම හානිපූරණය සඳහා වන කාර්යාලයේ වගකීම බව ද එහිදී ඇමතිවරයා කීවේය.
උතුරු නැගෙනහිර ගැටුම්වලින් පීඩාවට පත්වූවන්, බෝම්බ පිපිරීම්වලින් පීඩාවට පත්වූවන්, 1987 ඔක්තොම්බර් මාසයේ උතුරු නැගෙනහිර පළාත්වලින් පන්නා දැමූ සිංහල හා 1991 ජූනි මාසයේ පන්නා දැමූ සියලු මුස්ලිම්වරුන්ට ආදී සියලු දෙනාටම හානි පූර්ණය වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බව ද ඇමතිවරයා කීවේය.
ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (25) එක්වෙමිනි.
වර්තමානයේදී ගංවතුර, ආගමික ගැටුම් ආදී සියලූ දේ වෙනුවෙන් වන්දි ලබාදෙනුයේ 1987 තිබූ පැරණි පනතකින් බව කී ඇමතිවරයා ඒ සඳහා විධිමත් මාර්ගෝපදේශ ලබාදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.
මෙම කාර්යාලයෙන් ලබාදෙන මාර්ගෝපදේශයන් කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බව ද කී ඇමතිවරයා එම හානි පූර්ණයෙන් ත‍්‍රස්තවාදීන්ට හෝ සුදුසුකම් නැති වෙනත් අයට වන්දි ලබාගත නොහැකි බව ද පැවසීය.
නැගෙනහිර පළාතේ මිනී මැරුම් සිදුකළ රාම්, නගුලන් වැනි ත‍්‍රස්තවාදීන් හයසිය ගණනකට හානි පූර්ණය කර වන්දි ලබාදුන්නේ රාජපක්‍ෂවරුන් බව ද ඇමතිවරයා මෙහිදී කීවේය.
එමෙන්ම හමුදා බුද්ධි අංශවලට දහසකට ආසන්න ප‍්‍රමාණයක් බඳවාගෙන මාසික පඩියක් ගෙවූයේ ද පසුගිය රජය බව කී ඇමති පාඨලී චම්පික රණවක මහතා එයට හේතු ඇසූ විට ඔවුන් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදා දෙනවායැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද කීවේය.
වර්තමානයේදී මුහුණු පොතේ වීරයන් වෙන්නට දඟලන්නේ ත‍්‍රස්තවාදය පරාජය කරන සටනේ පැත්තකවත් නොසිටි අය බව ද කී ඇමතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හානිපූර්ණ කාර්යාලයෙන් ත‍්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ නෑ - ඇමැති පාඨලි
sarath Friday, 26 October 2018 02:27 AM
ඕකම කීවා හම්බන්තොට චීනට දෙද්දී.
Gamage Friday, 26 October 2018 07:38 AM
අපිට හරියකට කන්න නෑ. අපේ සේසතම බදු මගින් උදුරාගෙන ආණ්ඩුව රෑක ගන්න කරන දේවල් තමයි මේවා.