IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හදිසි පාස්පෝට් ගන්න පිරිස් වැඩි වෙයි

(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක්දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,158 ක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සාමාන්‍ය දිනකදී එක්දින සේවයට ඉල්ලුම්පත් දහසක් පමණ ලැබුණ ද පසුගිය දිනවල එම සංඛ්‍යාව 1500 ඉක්මවා තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සියයට 50 කින් වර්ධන වී ඇති බවත් සඳහන් කළේය.

පසුගිය දින 10 තුළදී සාමාන්‍ය සේවයෙන් පුද්ගලයන් 11,000 කට අධික සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, වවුනියාව සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාවලින් පසුගිය දින 10 තුළදී පුද්ගලයන් 10,000 කට අධික පිරිසක් සේවය ලබාගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (14)

හදිසි පාස්පෝට් ගන්න පිරිස් වැඩි වෙයි

Lalith M Tuesday, 19 October 2021 11:19 AM

පේනවනේ රට හැර යාම කොහොමද කියලා. මේ ආණ්ඩුව ඉවර වෙනකොට මහල්ලන් සහ මෝඩයෝ පමණක්ම රටේ ඉතිරිව ඉඳියි. පාලකයන්ට සමාන මිනිස්සු විතරක්.....

:       5       42

කරුණාජීව Tuesday, 19 October 2021 11:21 AM

ඉන්න හිතෙන රටක්...

:       3       35

Nayanajith Perera Tuesday, 19 October 2021 11:42 AM

ඉන්න හිතෙන රටක්...

:       3       31

mahesh Tuesday, 19 October 2021 11:53 AM

ඉන්න හිතෙන රටක් බලාපොරොත්තු වුනාට අවසානෙදි ඉතුරු වුනේ යන්න හිතෙන රටක්. 69 ලක්ෂයට ස්තුති වේවා.

:       3       33

hesa Tuesday, 19 October 2021 12:07 PM

මොන රටවලටද යනවා ඇත්තේ..

:       0       17

gamage Tuesday, 19 October 2021 12:14 PM

සභ්‍යයේ දැක්ම.

:       1       23

Hafeel Tuesday, 19 October 2021 12:25 PM

මතකද කොටසක් කිව්වා ජනාධිපතිවරණයේදී කන්න නැති වුනත් කමක් නැහැ රටක් ඉතුරු වුනොත් ඇති කියල. දැන් හදිසි පාස්පෝර්ට් ගන්න පෝලීම. පව් අපේ රටේවැසියෝ. ඇෆ්ගානිස්තානයෙන් පහුගිය මාසේ ඒ රටේ වැසියෝ ඒ රටින් පිටවෙද්දී සමහරු අවවාද කලා මේ ඉරණම අපිටත් වේවි කියල. කෙසේවෙතත් පාලකයෝ සතුටු මෙහෙම රටේ මිනිස්සු රටින් යන එකට. මොකද්ද එකක් විදේශ විනිමය ගලා එනවා පාලකයන්ගේ පැවැත්ම සඳහා. අනික රට තුල හිසදරය අඩු.

:       2       28

fairoos Tuesday, 19 October 2021 12:45 PM

ඒත් වහල්ලු නම් කියයි සර් පාස් කියලා.

:       2       32

shanika Tuesday, 19 October 2021 12:46 PM

පාස්පෝට් ගන්න හැමෝම රට යනවා නම් මොනවා කරන්න බැරිද

:       19       8

Anton austia Tuesday, 19 October 2021 01:50 PM

සල්ලි නැති කාලේ මොකො පාස්පොර්ට් එක අල්මාරියෙ දාගෙන ඉන්නද. අපො ඔහෙම ඉන්න මෙහෙ එන්න එපා

:       1       8

Nuwan Tuesday, 19 October 2021 12:50 PM

හොඳටම කරපු හින්දනේ මෙච්චර කට්ටිය රට දාල යන්නේ

:       1       22

මද්දුමරාල Tuesday, 19 October 2021 01:08 PM

යක්ඛ පැටව් මොකෝ මේ ඩුබායි යන්න හදන්නෙ. මතක ඇතුව ඊලග ඡන්දෙට චිත්‍ර අදින්න එන්න.

:       1       4

de silva Tuesday, 19 October 2021 02:15 PM

වැඩි මුදලක් දුන්නම පාස්පොට් එක දිනකින් දෙනන පුලුවනනම් සාමාන්‍ය ක්‍රමයටද දින දෙක තුනකින් දෙනන පුලුවන් කිසිම කරදරයක් නැතිව

:       0       7

Don perera Tuesday, 19 October 2021 05:27 PM

අමරදේවයන්ගේ ගීතය මකා දමන්න කාලය හරි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site