( +++ අංජුල මහික වීරරත්න සහ සඳුනි කෞශල්‍යා)
‘අලියා’ ලකුණින් තොරව වෙනත් කිසිම ලකුණකින් තමා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පැවැසීය.
වතුකරයේ දෙමළ ජනතාව හුරු වී සිටින්නේ ‘අලියා’ ලකුණට ඡන්දය දීමට බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන තමා මෙන්ම කේ.කේ. පියදාස මහතා ද අලියා ලකුණින් තරග කිරීමට අවශ්‍යම බවට කෘත්‍යාධිකාරී මණ්‍ඩලයෙන් විශේෂ ඉල්ලීමක් කළේ යැයි ද නවීන් දිසානායක මහතා කීවේය.
එක්සත් ජාතික පාක්ෂිකයන් අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට වෙනත් ලකුණකින් තරග කිරීමට තීරණය කළද නුවරඑළියට ‘අලියා’ම අවශ්‍යයැයි දිසානායක මහතා සඳහන් කළේය.
‘අලියා’ ලකුණ නැතිනම් අනාගතයේ තරග කරනවාද නැද්ද යන කාරණාවද ගැටලුවකැයි දිසානායක මහතා වැඩිදුරටත් කීය.
හදවත වැනි වෙනත් ලකුණකට ජනතාව හුරු කරන්න දැන් කාලයක් නැති බව සඳහන් කළ නවීන් දිසානායක මහතා ‘හදවත’ හාස්‍යජනක ලකුණක් බවද කීවේය. හදවත මේ දිනවල ෆේස්බුක්වල පවා හාස්‍යයට ලක් වෙතැයි ද නවීන් දිසානායක මහතා පැවැසීය.
පිටකේට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
මහලොකුවට හදවතෙන් රටේ නායකත්වය ඉල්ලන්න එන ලොක්කගෙ ආසනෙත් අන්ත පරාදයි. 25% යි. තව අනිත් අයට බනිනව කකුලෙන් ඇද්ද කියලා
ඉතින් මන්ත්‍රීතුමා අලියත් හෙණ්ඩුවත් කාටවත් නොදී එයාලගේ බුදලය වගේ වයසට ගිය අලි කාරයෝ බදාගෙන ඉන්නවානම් එක එජාපකාරයන්ගේ හදවතට දැනෙන්නේ නැහැ කියලද හිතන්නේ? අලියාගෙන් ආපු පලියට ෂුවර් එකටම දිනනවා කියලා හිතන්න එපා. ජනතාව ඡන්දෙ දෙන්නේ ප්‍රතිපත්තිවලට මිසක් ලකුණට නොවේ.
මොන ලකුණින් ආවත් හාස්‍ය ජනක භාවයනම් ඉවත් කරන්න බැහැ.
මහින්ද මහත්මයාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය වෙලාවේ තරග කළෙත් එලවන්ට් ගෙන්ද? නිකම් බොරු බයිලා කියන්න එපා. පක්ෂය පාවාදීපු මිනිස්සුන්ට ජාතික සංවිධායක පට්ටම් දෙන පුදුම පක්ෂයක්...
මොකෙන් ආවත් මේ පාර ගෙදර තමයි. පොඩි හරි අවස්ථාවක් තියෙන්නේ පක්ෂය දෙකට කැඩිලා ඉල්ලුවොත් තමයි. එ්කයි මේ පක්ෂයේ කඩන්න දඟලන්නේ. එකතුවෙලා ඉල්ලුවොත් දමිල 3 දෙනා විතරයි ඇතුළට එන්නේ...
ඔබට ඡන්දෙ දෙන්නේ නැහැ කව්රුවත්...
හදවතින් ඉල්ලන්න හරිහමන් හදවතක් තියෙන්න ඕනෑනේ. එකාටඑකා බලයට කුලල් කා ගන්න එකනේ කරන්නේ? කුණු බක්කිය හරි, ගොන් කරත්තේ හරි තෝරාගන්න.. එ්ක හොඳ නැද්ද?
බෙදිලා ඡන්දය ඉල්ලුවොත් ඡන්ද සංඛ්‍යාවත් බෙදිලා ලැබෙන බව මතක තබාගන්න...
නවීන්ගේ පියාට අපි බොහෝ දේ ආදරය කළා. ගරු කළා. ඔහුට තිබ්බ ජනප්‍රියතාවයෙන් සීයට 10 ක්වත් නවීන්ට නෑ. මෙයා හදන්නේ දේශපාලන දිවිනසාගැනීමකට. එයාට තේරෙන්නේ නෑ සජිත්ගේ ජනප්‍රියතාව සහ දේශපාලනය. රනිල්ට උදව් කරන මිනිස්සුන්ට අනාතවෙන්න වීම ස්ථීරයි. මොලේ නෑ.
ඉස්සර කතාවක් තිබුනා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තිබ්බ කියා පියානෝට. ඉතින් තවම ඒවා ඇතිනේ. ඡන්දෙ කෙළවුනොත් පටස් ගාලා එහෙට පනිවි. අපිට තමා ඉතින් ඔක්කොම. දෙකේම ඉන්නේ රට රාජ්‍යවල දේපොළ ඇත්තෝ අපි නිකම්ම නිකම් බයියෝ. කොහොමත් මෙයාලට හදවතක් නැහැනේ. ඉතින නරක මනුස්සයා ඉස්සරහට දමල තමයි ගොඩ වෙන්න බලන්නේ.
ඔබ ආවත් එකයි, නැතත් එකයි.
ඊළඟ ඡන්දෙ එක මාමට... මම කොහොමද මාමට විරුද්ධ වෙන්නේ?
මොන ලකුණෙන් ඉල්ලුවත් එජාපෙ ඡන්ද දායකයන්ගෙන් 90% යන්නේ සජිත් පිලට , රනිල්ට රවියා වැනි ලෝක හොරුත් , දෑත ශක්තිමත් කරන්න කියමින් වරප්‍රසාද භුක්ති විදින්න පක්ෂේ පවා දෙමින් මහින්දගේ ඔඩොක්කුවට පැන්න ඔබලාට ඇති ඡන්දයක් නැත