(නිශාන්ත කුමාර)

කැලෑවේ පිපි තිබූ විෂ හතු වර්ගයක්  ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඒවා  විස වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල  අරාව පාර ප්‍රදේශයේ  පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජිකයන් පිරිසකි.   

කැලෑවේ පිපී තිබියදී  කඩාගෙන පැමිණි මෙම හතු වර්ගය පිස ආහාරයට ගැනීමෙන් පසුව ඇතිවූ අධික වමනය, බඩ දැවිල්ල,  ඔක්කාරය සහ ක්ලාන්තය හේතුවෙන් මොවුන් රෝහල් ගත කර ඇත.