(අජිත්ලාල් ශාන්තඋදය)
ලාහුගල, බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතයේ නිධානයක් හාරමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු , නිධානය හෑරීමට යොදාගත් එක්ස්කැවේටර් යන්ත්රයක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සහ පූජාභාණ්ඩ කිහිපයක් අද (25) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලාහුගල ජාතික උද්‍යානය සහ බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතය මායිම්වන කරඳ ඔය ආසන්නයේ මෙම නිධන් හෑරීම සිදුකර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ලාහුගල කඳවුරේ නිලධාරීහූ මෙම වැටලීමට එක්ව සිටි සිටියහ. මෙම නිධන් හෑරූ බව කියන ස්ථානයට ‘හතරමහ නිධානය’ ලෙස හඳුන්වන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එක්ස්කැවේටර් යන්ත්රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිලවන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත‍්‍රයක්, කලුගල් පලු කිරීමට ගන්නා යාන්ත‍්‍රික තල, අලවංගුවක්, පොරවක් ද එහි තිබී අත්අංඩගුවට ගෙන ඇත.
ඊට අමතරව බහිරව පූජාවක් පැවත්වීමේ දී ගන්නා පූජාභාණ්ඩ, දුම් කබලක්, පන්දම්, ආරක්‍ෂක මුට්ටි අටක්, බිල්ලට දීමට ගෙනා කකුළෙක්, මල්තටුවක් ආදියද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.