
රැවුල් කැපීම හෝ හැඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ඇෆ්ගන් තලේබාන්වරුන්, එරට කරණවෑමීන්ට නියෝග කර තිබේ.
මෙම 'තහනම' ආරම්භ වූයේ හෙල්මන්ඩ් පළාතෙනි. මේ වනවිට කාබුල් අගනුවර කරණවෑමීන්ට පවා තලේබාන්වරුන් රැවුල කැපීම සම්බන්ධයෙන් තහංචි පැනැවීම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගන් තලේබාන්වරුන් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට විසින් සකස් කරගනු ලැබූ ඔවුන්ට ආවේණික ආකාරයේ 'ෂරියා' නීතියකි. එම ෂරියා නීතියට අනුව ඇෆ්ගන් පිරිමින් රැවුල් වැවීම අනිවාර්ය වෙයි.
රැවුල් කැපීම, කොට කිරීම හෝ හැඩ දමන කරණවෑමීන් සිටින්නේ නම් ඔවුන් සොයා, ප්‍රසිද්ධියේ ඔවුන්ට දැඩි දඩුවම් පමුණුවන බව ද තලේබාන් සංවිධානය තර්ජනය කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇතුළු සියලුම නගරවල කරණවෑමීන්ට තලේබාන්වරුන් මේ බව දන්වා ඇත.
මේ අතර, තලේබාන්වරුන්, ඔවුන්ට විරෝධය දැක්වූ පුද්ගලයකු මරා, ඔහුගේ සිරුර දොඹකරයක් ආධාරයෙන් නගර චතුරස්‍රයේ එල්ල ප්‍රදර්ශනය කර තිබේ.
තලේබාන්වරුන්ගේ මෙම ම්ලේච්ඡ ක්‍රියාව අසන්න ලැබෙන්නේ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නගරයෙනි.
ඊට අමතරව තලේබාන් සටන්කාමීන් පැහැර ගැනීමේ සිදුවීමකට සම්බන්ධ යැයි චෝදනා ලැබූ පුද්ගලයන් සිවු දෙනකු අල්ලා ප්‍රසිද්ධියේ ඔවුන් වෙඩි තබා මරා දමා දැමූ බව ද බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට නීතියක් ගේන්න ඕනෑ හොරු, මිනීමරුවෝ, පගාකාරයෝ ඇල්ලුවොත් බලා ගෙනයි කියලා...
මානව හිමිකම් සංවිධාන කෝ? සම්බාධක කෝ?
ඔලුව තියෙනවා මැද හිස්... ඒකනේ අර කුඩා රට ඔක්කොම ලීඩ් කරන්නේ...
ලංකාවෙ තලේබාන් අනුගාමිකයන් හඳුනා ගන්න පුළුවන් වෙයි නේද
හොඳ වැඩක්