(නිමල කොඩිතුවක්කු)

හෙට(14) සිට ඉදිරි දින තුන තුළ ප්‍රවාහන පහසුකම් සලසන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පමණක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රෝහල් සහ කදවුුවල ඉල්ලීම් මත එම විශේෂ ප්‍රවාහන පහසුකම් යොදවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සඳහා ලංගම බස් රථ කිහිපයක් ධාවනයට එක් කරන ලෙස ලංගම බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු පවසයි.

ලබන සදුදා (17) වනදා සිට අත්‍යවශ්‍ය ගමන් වාර සඳහා පමණක් ලංගම සහ පෞද්ගලික බස් රථ යොදවන බවද දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.