(නිමල කොඩිතුවක්කු)
දිවයින පුරා කිසිදු දුම්රියක් හෙට සිට (14), 15 සහ 16 යන ඉදිරි දින තුන තුළ ධාවනය නොකිරීමට තීරණය කර දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රජය විසින් පනවා තිබෙන සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව දුම්රිය ප්‍රකාශකයකු ලංකාදීපයට පැවැසීය.
අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමේ අරමුණෙන් දුර ගමන් සේවා දුම්රිය 5 ක් ඇතුළුව දුම්රිය ගමන්වාර 65 යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙයට පෙර තීරණය කර තිබිණ.
ලබන සදුදා(17) සිට දුම්රිය ධාවනය සඳහා විශේෂ කාලසටහනක් යොදවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS