(නිමන්ති රණසිංහ)
නඩු කටයුතු සඳහා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණට පැමිණෙන අයවලුන්ට අධිකරණ භූමියට ජංගම දුරකතන රැගෙන ඒම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හෙට (01) දින සිට තහනම් කර ඇත.
අධිකරණ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ජංගම දුරකතන අධිකරණ භූමියට රැගෙන යාම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තහනමක් පනවා නොතිබුණු අතර, ඉකුත් (28) දා අධිකරණය ඉදිරිපිටදී පාතාල සාමාජිකයකු පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ දැරීමේ දී ඇතිවූ සිද්ධියෙන් පසු මෙම තහනම පැනවීමට පියවර ගෙන ඇති බවට අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙට සිට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණට දුරකතන රැගෙන ඒම තහනම්
parakkrama Monday, 31 December 2018 04:50 PM
මේ තහනම නීතිඥවරුන්ටත් අදාළ ඇති නේද? ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙයි කියලා හිතෙන හින්දයි මං එහෙම ඇහැව්වේ...
ඩී. ජයදේව Monday, 31 December 2018 04:55 PM
ජංගම දුරකථනයෙන්ද වෙඩි තියලා තියෙන්නේ...
umesh Monday, 31 December 2018 06:56 PM
අනේ මන්දා පුදුම රටක්. දවසින් දවස ප්‍රපාතයටම තමයි යන්නේ.. හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙන්නෙම නැති රටක්...
rama Tuesday, 01 January 2019 03:46 AM
මේකට මීට වඩා සාර්ථක ක්‍රමයක් ඕනෑ. දුරකථනයක් ගෙනයාම අවශ්‍යතාවයක්... එ්ක කොහෙද තියලා යන්නේ උසාවියට යනකොට කොහෙද තියලා යන්නේ... විකල්පයක් නැහැ නේද?
saman Tuesday, 01 January 2019 06:09 AM
දුරකථනය කියන්නේ, අද නැතුව බැරි දෙයක්.. විශේෂයෙන් අධිකරණ කටයුත්තක් තියෙන දිනයක, නඩුවට පෙර හා පසු, යම් උපදෙස් ගැනීමට දුරකථනය අතවශ්‍ය වෙනවා. දුරකථනය කොහේ හෝ තැනක තියල අධිකරණ භූමියට ගියාට පස්සේ, ඒ මනුස්සය අසරණ වෙනවා. මේවා ගෙනත් හිතන්න ඕනේ. ආරක්ෂාවට අවශ්‍ය පොලිසිය යොදා ගන්න පුළුවන් නම් හොඳයි .. එතකොට මිනිසුන්ගේ නිදහසට බාද වෙන්නේ නැහැ ...
sirimal Tuesday, 01 January 2019 10:08 AM
නඩුව අහවරවෙලා චූදිතයෝ වැරදිකරුවන් වෙලා වැලිකඩ යන වෙලාවේ ජංගම දුරකථන පොදි ගණන් ගෙනිච්චට කමක් නැද්ද?