(නිමන්ති රණසිංහ)
දින තුනක් ඉවත් කර තිබූ සංචරණ සීමාවන් යළි හෙට (23) රාත්‍රී 10.00 සිට ලබන 25 වැනිදා අලූයම 4 තෙක් යළි ක්‍රියාත්කමක වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පැවසීය.
කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම ඉකුත් මැයි මස 21 වැනිදා සිට රජය පැනවූ මෙම සංචරණ සීමා ඉකුත් ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරනු ලැබුවේ දින තුනක් සදහාය.
කෙසේ වෙතත්, සංචරණ සීමා ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා ඉවත් කර තිබුණේ නැත.
කොවිඞ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදුවී ඇති බවට වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දීම හේතුවෙන් සංචරණ සීමාවන් තාවකාලිකව දින තුනකට ඉවත් කළද, ඉදිරියේදී පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.