( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද ( 10) තීන්දු කළේය.
ඒ අනුව පෙත්සමෙහි වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කරන ලදි.
අදාළ නියෝගය නිකුත් කිරීම සඳහා පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
පුද්ගලයකු ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමේ හෝ නොකිරීමේ අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතුවන බැවින් අධිකරණය ඊට මැදිහත් නොවන බව එහිදී නියෝගය ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේය.
මෙම පෙත්සම විභාගයටගැනීමට තරම් නඩු නිමිත්තක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය සමත් වී නැති බව ද එහිදී සඳහන් කෙරිණ.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට හේතු වූ කරුණු ඇතුළත්ව නීතිපතිවරයා ඉදිරිපත් කල රහසිගත වාර්තා දෙකක් අධිකරණය සලකා බැලූ අතර ඔහුට එරෙහිව අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම් සාධාරණ හේතු නැති බව එහි සදහන් වන බව ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව පෙත්සම ඉවත දමන බව විනිසුරු මඩුල්ල සදහන් කලේය.
සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.
නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපති වරයා ගත් එම තීරණය අසාධාරණ, අත්තනෝමතික නීතිවිරෝධී තීරණයක් වන බැවින් එය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, සහ නීතීඥ අචලා සෙනෙවිරත්න පෙනී සිටියහ.
වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සහ නීතීඥ සුගත් කලදේරා පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පිය
සභානායක බිමල් රත්නායක මහතාගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තු
රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි
සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (23) සවස අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි
කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨා
රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විසිවෙයි
Rocky Wednesday, 10 November 2021 03:15 PM
මේ රටේ නීතියට අයිතිකාරයන් සිටින බව දැන් නම් ඉහලින්ම පෙනේ
Ratne Wednesday, 10 November 2021 03:24 PM
හිටපු නීතිපති විශ්‍රාම යාමෙන් පසු, ව්‍යාජ හේතු පෙන්වමින් මිනීමරුවන්, දූෂිතයින්, වංචනිකයින් නිදහස් කිරීම ක්ෂණිකව වැඩිවී ඇත...
fairoos Wednesday, 10 November 2021 03:29 PM
තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... සර් ආපු දා ඉඳලා නඩුටික ඉවරයි...
දාස Wednesday, 10 November 2021 05:25 PM
මීනිමරුවන්ට, අපරාධකාරයින්ට නීතිය පිහිටුවන එකම රට...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 07:45 PM
11 දෙනෙකු මරා දැමූ නඩුවක තීන්දුවට රටක නීතිපතිවරයෙකු මෙසේ සාධාරණය ඉටුකරනා විට ලෝකයේ ශිෂ්ඨයයි සම්මත මිනිසුන් මේ රටට තව තවත් ගරු කරාවි. අනේ..! දප්පුල ද ලිවේරා මහතා හිටියා නම් මෙහෙමම වෙන එකක් නැහැ කියලා හිතෙනවා.