බී.ජී.චතුරංග
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක හා දියණියකි.
අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල්කාන්ත සහෝදරයා සම්බන්ධයෙන් මෙවැනි පුවතක් අසන්නට ලැබීම ගැන අපි අවංකවම කණගාටු වෙනවා. දෙපාර්ශවයටම මේ සිද්ධියෙන් ගැටලුවක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
බීලා වාහන එළවන්න එපා කියන්නේ ඕකට තමයි. ජෙප්පො ලාගේ දෙවැනි බිල හප්පපු කේස් එක...
මක්කිවා....!!! තැඹිලි වතුරත් උණුකරලා නිවලා පෙරලා නොබොන නමුත් පානය කරන මේ රතු හැට්ට කාරයන්ට සාමාන්‍යයෙන් අතපසුවීම්, අත්වැරදීම්, අමතකවීම්, කොහෙත්ම කිසිම වැරදීමක් වෙන්නේ නැති නිසා මේ කව්රු හරි නැහැදිච්ච කට්ටියක් මේ ගොයියාගේ වාහනේ බලෙන්ම ඇවිත් සිප වැළඳගන්න ඇති.. එහෙම නැතුව මේ හාදයෝ කිසිදින කිසිවිට මහජනතාවට අපහසුවෙන විදියට පාරේ හැසිරෙන්නේ නැහැනොව... වැඩිම වුනොත් (88/89 වගේ කාලේ පොඩි පොඩි වැරදි වුනා තමයි) මේ රතු හැට්ටකාරයන්ගේ ගොට්ටෝ ටිකක් ඉන්නේ අන්තරේ කියලා මරණාධාර සමිතියක ඒ කුඩ්ඩෝ ටික මාර්ගයෙන් විශ්වවිද්‍යාලවල ළමයින්ව පඹයෝ වගේ නටවයි..
ජවිපෙ යනු කල් ගතවී සමාජගතවන ජීවින් විශේෂයකි. ඉස්සර ජෙප්පෝ මත්පැන් තියා සිගරට් වත් බිව්වේ නැත. අනික පාවිච්චියට ඉල්ලුවේ මරුටිය ඒකට දැන්, කරටි කැඩෙන්න බී සුඛෝපභෝගී කැබ්වලද යති...! අනික ජෙප්පෝ යම් තාක්දුරට ආර්ථිකය ශක්තිමත් වූ පසු නිල් සහ කොළ පක්ෂයට සිග්නල් දමන පිරිසක් බව පෙනේ. විමලේ සහ නන්දන හොඳම උදාහරණ වේ. මෑතකදී නම් වීරකුමාර හොඳ උදාහරණයක් වේ. ජේවීපී නායකයන් ජෙප්පන්ව ලස්සනට ගොනාට අන්දවා ගොඩයෑම මාර ගේමකි...
මෙච්චර ඉක්මණට ප්‍රධාන පක්ෂවල මැතිඇමැති පුතුන්වත් අත්අඩංගුවට ගන්නත් නැහැ...
අපි දැන් බලමු රෙද්ද පල්ලෙන් බේරෙන මොහුගේ සමාජ වාදය මෙතන හරියටම ඉෂ්ට කරාවිද කියා ?
මොනවා වුනත් පැනලා ගියේ නෑ.. බීලා ගියා නම් එ්කට නීතිය ක්‍රියාත්මක කරන්න. එ් කොහොම වුනත් තුවාල වූ අයට පිහිට වෙන්න ඕනෑ.
මේක ඇක්සිඩන්ට් එකක් වාහන පදවන කා අතිනුත් වෙන්න පුළුවන් ඉතින් ඕකට ලාල්කාන්තගේ පැටිකිරිය හොයන්නේ මොන කොටළුවාද? තේ එකක්වත් නොබී වාහනයට නගින්නේ කව්ද?
අහිංසක ජීවිත අනතුරේ දැන මේ අයව හිරේ තමයි දාන්න ඕනෑ....
අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය පදවන ලද පුද්ගලයා මත්පැන් පානය කර සිටි බවට දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙලේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියෙහි පළකර තිබෙනු දුටුවා...
ඔය එකක් විතරයි. මුළු විශ්වවිද්‍යාල ක්‍රමයම විනාශ කර ලංකාවේ උගත් තරුණයන් බිහිවීම නැත්තටම නැති කල එකට එල්ලන්න ඕනේ. එයාගේ ළමයා නම් පුද්ගලික විශ්වවිද්‍යාලවලට පින්සිදු වෙන්න ගොඩ ගියා.
ඒකනම් වෙන්න බැහැ මේ උපාසක මහත්තුරු මත්වතුර බීලා වාහන එලවන්නේ නැහැ. අනෙක මෙයාලා කැබ් එලවන්නේ නැහැ. මෙයාලා ඉල්ලුවේ ෆුට් සයිකල් කියලා හැමෝටම මතකයිනේ.. පස්සේ නම් මරුටි ඉල්ලුවලු අනේ මන්දා මට නම් මේවා විශ්වාස කරන්නත් අමාරුයි.
දැන් කොයි දේශපාලනකාරයොත් බොරුවට මාධ්‍යය ඉස්සරහට ඇවිත් බැණ ගත්තට කරන්නේ ජරා වැඩ... මේ තවත් හොඳ උදාහරණයක්...
සේවයෙන් පැනලා ගිය නැතිනම් විශ්‍රාම ගිය හමුදාවේ කෙනෙක්, ගුරුවරයෙක්, පොලිස් නිලධාරියෙක්, වගේ කෙනෙක් අත්අඩංගුවට ගත්තම, ගුරුවරයා අල්ලයි, සෙබලා අල්ලයි, රාළහාමි අල්ලයි, දොස්තර අල්ලයි, කියලා පත්තරේ දානවා. හිටපු මන්ත්‍රී අල්ලපුවම ලොකුවට හිටපු මන්ත්‍රී කියලම දානවා. හරිම අසාධාරණයි...
මේක ලංකාවේ වෙච්ච රිය අනතුරු වලින් එකක්. ඒකට තමයි රථ වාහන පොලීසිය ඉන්නේ. එයාලගේ රාජකාරිය එයාලා හරියට කරයි.
ගිය සුමානේ පොලිස් ලොක්කෙක්ගේ පුතා තවත් පොලිස් කාරයෙක් යට කරගෙන ගියාම, මුලින්ම පොලිස් ප්‍රකාශක කිව්වේ වාහනේ රියදුරු පමණක් නොවේ, අනිකුත් අයත් බීමත්ව සිටියා කියායි. තව දවස් දෙකකින් කිවා ඒ අය බීමත්ව සිටියේ නැහැ කියලා. ඒ වගේ, මේ සිද්ධියත් පොලිසියයි, රටේ දේශපාලකයොයි එකතුවෙලා ශේප් කර ගනියි. අද රජයේ ආයතනය ගැන මහජනයාගේ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත....
මොවුන් පහුගිය ටිකේ රනිල්ට කත් ඇද්දා. ඕක තමයි පව් පඩිසන් දෙනවා කියන්නේ... අපි බලන් ඉන්නේ අනුර කුමාරය දිහා...
කෝ... බීලා කියලා නැහැනේ...
හොඳ වැඩේ... දේවාලයක් දාලා කරා වගේ... සුළු වරදක් නම් කමක් නෑ.. වෙඩි තියන්න ඕනෑ.
මෙතන බීලා කියලා නැහැ... ඒ වුණත් ඔහු හොඳට අරක්කු බොන කෙනෙක් විය යුතුයි. ජෙප්පෝ කියන්නෙත් හොඳට කන බොන අය කියා ඔප්පු කළ යුතුයි. ජනතාව විනයගරුක නීතිගරුක මිනිසුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ... ඔබලාට බලයට එ්මට නම් අපරාධ කළ යුතුයි. නැතිනම් මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ... ජය වේවා!!!
මම මෙතෙක් කල් හිතාගෙන හිටියේ සහෝදරයෝ ගමන් බිමන් යන්නේ ත්‍රී වීලර් වල කියලා. දැන්නේ තේරෙන්නේ එ් ගොල්ලන් ගාවත් පෙජරෝ වගේ වාහන තියෙනවා කියලා. කොහොම වුණත් එතුමා ප්‍රාදේශීය නිෂ්පාදනයක් වෙන්නැති පාවිච්චි කරලා තියෙන්න ඇත්තේ... එතකොටනේ ස්වදේශීය කර්මාන්ත දියුණු වන්නේ...
ජවිපෙ ඉන්නේ මනුස්සයෝ නොවේද?
කාගේ අතිනුත් වැරදි වෙනවා. එ්ත් රතු අලින්ට නම් මේවා තේරෙනවා අඩුඇති, කෝකටත් බීලද කියලා බලලා අර අහිංසකයින්ට සාධාරණයක් කලොත් ඒ ඇති...
සාමාන්‍ය සිද්ධි... මෙව්වා රටේ වෙන ප්‍රශ්න නැතිව වාගේ විකාර පස්සෙ අපි දුවනවා. ලංකාවේ හැම වර්ගයේම දේශපාලනය කරන්නන් 80% මොනවා හරි බොනවා ජෙප්පො හොරෙන් ගහලා බොන්නෙ නැහැ කියන බොරුව ගැන තමයි කැත... කෙසේ වෙතත් පාඩුව අහිංසක පවුලට තමයි නීති තිබ්බට එ්වා ක්‍රියාත්මක වීම තමයි ප්‍රශ්නය....
මාර්ග අනතුරක් නිසා නීතියෙන් විසඳාගන්නට ඉඩ හැර අපි අපේ වැඩක් බලා ගමු. ඇරත් ජෙප්පෝ හිතන් හිටියට ඒ අය හරි වෙනස් කියලා... අපි දන්නවනේ එයාලගේ ඇති වෙනසක් නෑ කියලා. මොකද ඒ අයත් සකල සිරින් පිරි සිරි ලංකාවේ උතුම් සෙට් එකේම කොටසක්නේ...
ශ්‍රී ලංකා දේශපාලන අවජාතකයේ තවත් නළුවෙක්..
මෙයා රූපවාහිනි සාකච්ඡාවලට එන්නෙත් හොඳට දාලා තමයි. එක දවසක් බලාහිටපු අපට හිතුණා ඇයි මේ වැඩසටහන වහාම නවත්තන්නේ නැත්තේ කියලා. එයා ඒ තරමට බීලයි හිටියේ. සාකච්ඡාව මෙහෙය වූ නිවේදිකාව ඉතා අපහසුතාවයකට පත් වුණා.
කිසිම සමාවක් දෙන්න බැහැ මේ වරදට..., ඔන්න හොඳට බීලා ඔය පළාතේ ට්‍රැෆික් ඕ.අයි.සී මහත්තයව මැරෙන්නම යටකරන් නොනවත්වා ගියානම්, හොරෙන්ම නඩුව අහලා එළියට දාන්න තිබ්බා.
ඕකත් ගොඩයයි. අගමැති තුමාගෙන් කෝල් එක ආ ගමන්ම...
අපි මෙතනදී ලාල්කාන්ත මහතා ඔබ අපි වගේ රටේ පුරවැසියෙකු හැටිය හිතමු. ඔහුගේ දේශපාලනය කිසිසේත්ම මේ ඇක්සිඩන්ට් එකට අදාළ නැත.
ලාල්කාන්ත මහතා මම දේශපාලන වශයෙන් ඔබලාට විරුද්දයි. ඒක වෙනම දෙයක්. නමුත් රිය අනතුරක් වුනාම ඔබලාගේ දේශපාලන විස්තරය හොයන මේ අයගෙන්ද ඔබලා ඡන්දය බලාපොරොත්තු වෙන්නේ? මොවුන් එජාපයටම හරියන මිනිස්සු.