IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු දුම්රිය අධිකාරි - සාමාන්‍යාධිකාරීට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයාට සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අද (29) නියම කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීමෙන් රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට මොවුනට මෙලෙස අධි චෝදනා ගොනු කෙරිණි.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා ලැබ සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 50,000/- බැගින් වන මුදල් හා රුපියල් ලක්‍ෂ 5 ක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරදට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය යුතු බවට අල්ලස් පනතේ තිබු නියෝගය සංශෝධනය කරමින් පසුගියදා පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ 2018 අංක 22 දරණ සංශෝධන පනත අනුව දුෂණය නැමැති වරද සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් පසුව මෙලෙස ඇප නියම කරන ලද්දේ දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කළ විජය සමරසිංහ සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ පී.පී. විජේසේකර යන මහත්වරුන්ටය.

2010 වසරේ මාර්තු මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රාජ්‍ය සේවකයකු වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ වානිජ්‍ය අධිකාරීවරයා වශයෙන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් යම් පුද්ගලයකුට එරෙහිව වාසි සිදුකිරීමේ චේතනාවෙන් ගිවිසුමකින් තොරව ලබාදී තිබු දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය 2011 පෙබරවාරී පළමු වැනිදා තෙක් දීර්ඝ කර එම ස්ථාවර හා ජංගම භෝජනාගාරය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරන ලදී.

විත්තිකරුවන් විසින් අල්ලස් පණත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති චෝදනාව යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසිවලට අනුව විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

කරුණු සළකා බැලීමෙන් පසුව සැකකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබව නොවැම්බර් 9 වැනිදා සිට විභාග කිරීමට නියම කළේය.

 



අදහස් (0)

හිටපු දුම්රිය අධිකාරි - සාමාන්‍යාධිකාරීට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site