



ඡායාරූප - ෆේස්බුක් ඇසුරෙනි
හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) පැවැත්වේ.
පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, හිතමිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් විවාහ මංගල උත්සවයට සහභාගී වුහ.
අද (24) පෙරවරුවේ පැවැති සුබ නැකතින් විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුණු අතර එහි ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව යුවලට සියලු සුබ පැතුම්!!! වැරදිලාවත් දේශපාලනයට නම් එකතු වෙන්න එපා.
කවදත් රාජපක්ෂලා රටට අලුත් දේවල්නේ කලේ.. මේකත් එවැනිම අලුත් අත්දැකීමක්... සුබ අනාගතයක්...
නව යුවලට අපගේ සුභ පැතුම් !
ජයමංගලම්...!
පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, හිතමිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් බේ දුරලලා, විවාහ මංගල උත්සවයට සහභාගී වීම සතුටට කරුණක් .
මංගලම් ජය මංගලම් වේවා... සිරි සුබ මංගලම්.... නව යුවලට සුන්දර අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.
මේවා අපිට වැඩක් නැහැ
පෝරුවේ වැඩ කටයුතු කෙරුවේ විමල් වෙන්න ඇති... අෂ්ටක හොඳට කියන්න පුළුවන්...
උඩ බලාගෙන හිනාවෙන්නේ... කුරුල්ලන් හෙළුවෙන් පියාඹන නිසාද? නැතිනම් දෙවැනි ගමන පළමුව ගිය නිසාද?
මෙයා අර 'ලුයි විටෝන් ' සපත්තු දාන කාලෙ කිව්වේ.., ලෝකයේ ' ලාබාලම අජටාකාශගාමියා 'වෙනවා කියලනේ, මොකද ඒකට වුනේ?
මේවටත් වියදම් කරන්න ඇත්තේ රටෙන් හොරාකාපු සල්ලි වෙන්න ඇති
මම අලුත් රොකට් එකක් ගත්තා
දේශපාලනයෙන් තොර පරම්පරාවකට සුභ පැතුම්....!
රස්සාවක් නොකර කටින් විතරක් රොකට් ඇරලා මෙහෙම පොෂ් එකට මඟුල් කන්න පුළුවන්ද?
කවුරුහරි දරුවෝ දෙන්නෙක් එකතුවෙලා අලුත් ජීවිතයක් පටන්ගන්න කොට සුබ පතපු එකටත් ඩිස්ලයික් දාන කුහකයෝ මාරගොඩක් ඉන්නවනේ... අපේ රටේ බලාගෙන ගියාම...
මට නම් මේ උත්සවය ඉතා අලංකාරයි. මනමාලිගේ ඇඳුම පවා විනීතයි. ඒකට අර හැම තිස්සෙම ප්‍රසිද්ධියට දඟලන පවුලේ ජෝඩු තුනේ මගුල් ගෙදර. බොරු පෙන්නුම් පිරිලා. දියණිය ඇඳ තිබුනේ එංගලන්තයේ මේගන් ආදිපාදවරියගේ මගුල් දා පෙනුමට සමාන වෙන්න. ඒ මදිවට ඔටුන්නකුත් දාලා... මේ විවාහ උත්සවය ඊට වැඩිය බොහොම පිළිවෙලයි.