(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු නිශ්ප‍්‍රභ කොට තමන් එම නඩු වලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසරු චතුරිකා ද සිල්වා මහත්මිය ප‍්‍රතිෙක්‍ෂප කළාය.
මෙම පෙත්සම් සම්බන්ධ විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 16 වැනිදා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වැඩිදුරටත් නියම කළාය.
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාන වල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් පෙත්සම්කරුවෝ මෙම වන්දි නඩු ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දිය යුතුයි...
ඔය ලොකු සල්ලිකාර සහෝදරයෝ ඉන්නවනේ... ඒ මිනිස්සුන්ගෙන් අරන් අහිංසක මිනිස්සුන්ට වන්දියක් ගෙවනවා මිසක් නඩු ඉවත් කරගන්න හදන එක නෙමෙයි කරන්න ඕනේ... පුළුවන් නම් තමුන්ට පාස්කු ප්‍රහාරය ගැන දැන්වුයේ කියලා බුද්ධි අංශයට විරුද්ධව නඩු දාන්න...
සාධාරණ ඉල්ලීමක්.., විධායක ජනාධිපතිකම සහ ආරක්ෂක ඇමැතිකම යන දෙකම බාරගෙන නිසිලෙස රාජකාරි නොකර පැහැර හැරීමට වගකියන්න ඕනේ...
බෝම්බය පුපුරනවා කියලා දැනගෙන පල්ලියටවත්, පාදිලියෙකුටවත් නොකියා හැංගිච්ච ක්‍රිස්තියානි කාරයින්, බෝම්බය පුපුරනවා කියලා දැනගෙන පල්ලියට නොකියා තමාගේ පුතාට පමණක් කියපු අය පව්වලින් නිදහස්ද? ඔවුන්ට කටු ඔටුන්න දමා කුරුසයේ ඇණගැසිය යුතු නැද්ද...?