(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ යෝජනාව හෙට (05) පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර තිබියදී පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණයට පිටින් යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ගිවිසුම් ගතවීම නිසා ඇය අනුශාසක ධූරයෙන් ඉවත් කිරීමටත් ඇයගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමටත් මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී හෙට (05) පැවැත්වේ.
COMMENTS
එතකොට කවුද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ?
කොහොමත් එයා එක පාරකුත් මහජන පක්ෂෙට ගියා නොවැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැරලා. පක්ෂේ නායකයෝම එහෙම යනකොට සොක්කන් ගැන කවර කතාද? දැනුත් ඕකෙ ඉහල තනතුරු දරන කී දෙනාද ගෙම්බො නොවන අය ඉන්නෙ?
පරණ චන්ඩි පාර්ට් දැන් හරියන්නේ නැහැ.
හොඳයි. කොහොමත් එයා යූ.එන්.පී
මේ මනුස්සයා රටට අයහපතක් කරන්න බලාගෙන වෙලාවට කොහෙන් හරි පහත් වෙනවනේ. රටේ ජීවත් වෙන්නෙත් නෑ. හැබැයි රටට විනයක් කටින්න බලාගෙන වෙලාවට ඇවිත් මොකක් හරි කරනවා. මහා කරුමයක්නේ.
අනුශාසක ධුරයෙන් විතරක් නෙමෙයි රටින්ම පන්නා දැමිය යුතුයි.
එළවන්න ඕන.
එකෙක් නෙමේ සේරම එළවන්න ඕන. චන්ද්‍රිකාව එළවන්න හදන කෙනා තමන්ට උරුම පක්ෂයක් තියෙද්දී වෙන කෙනෙක්ගේ පස්සෙන් ගිහින්. ඔලුවේ අමාරුවක්. පස්සෙන් ආවේ නැහැ කියලා පක්ෂ තහනම් කරනවා. පොඩි කකුළුවෝ මහා එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. මහා උන්,පොඩි උන් සේරම ඇදේට යනවා. 17 වෙනිදා වෙනකොට සේරම නැති වෙලා යනවා.
මෛත්‍රීපාල සිරිසේන එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගිහින් ජනාධිපති උනා. අස් කලාද පක්ෂෙන්? උනේ පක්ෂයේ සභාපති වීම. මොකද චන්ද්‍රිකාට වෙන පිළිවෙතක්?
හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය කරන්න එදා උත්සාහා කර පක්ෂය ගොඩගත්තේ මෙතුමිය 1994 දීය. නැවත පක්ෂයට පිටින් ඇවිත් පක්ෂය විනාශ කරන්න තමා උත්සාහා කරන්නේ. ජාතිවාදීයෝ ටිකක් එකතු වෙලා මේ පක්ෂය විනාශ කර අද චන්ද්‍රිකා මැතිණියටත් කෙනෙහිලිකම් කරනවා.
මේක කවදාවත් කෙරෙන දෙයක් නොවේ. මම කියනවා මෙහෙම දෙයක් කරන්න ශ්‍රීලංකා එකේ කොන්ද පන තියෙන මිනිහෙක් නැහැ. අවසානයේ වෙන්නේ මේ ප්‍රශ්නය විසදන්න ජනදිපතිට බලය දෙනවා කියාවි. ජනාධිපති කතා කර කර ඉඳලා 17 ගෙදර යන්න යාවි. කොහොම උනත් ගෝඨා තවම කිසිම පක්ෂ සාමාජිකයෙක් නොවෙන නිසා සමහර විට ගෝඨා සභාපති වෙන්න පුළුවන් ජනාධිපති උනොත්.
හොඳ තීරණයක්. මේ වගේ අනුශාසකයන් පොල්පිත්තෙනුත් කපා ගන්න පුළුවන්.
ඇයට තිබුනේ ඇයත් රැකිලා පක්ෂයත් රැකගෙන පැත්තකට වෙලා ඉන්නයි.
පළාතට ගන්න එපා. එලවා දමන්න.
හොදම විහිලුව. මේ අස් කරන්න යන්නේ ශ්‍රිලනිපය කඩලා පොහොට්ටුව කියලා වෙනත් පක්ෂයක් හදපු අයට සහය නොදුන්නා කියලයි. එතකොට වෙනත් පක්ෂයක් හදපු ඔවුන් තවමත් ශ්‍රිලනිපයෙන් නෙරපුවේ නැහැ. බල ලෝභයට ලැජ්ජාවක් නැහැ කියන්නෙ ඕක තමයි.
නිකම් නෙවෙයි එළවන්න ඕනි....