(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා සිකුරාදා පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී  තීරණය කෙරිණ.

මෙම ශෝක යෝජනා විවාදය මෙයට පෙර පැවැත්වීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා නොහැකි විය.