
පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරු හත් දෙනකුට මෙවර අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු තනතුරක් හිමි වී නොමැත.
අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, එස් බී දිසානායක, මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩලයේ තනතුරක් හිමී වී නොමැත.
මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි හාෙඳ දෙයකට මා දකින්නේ...
අයියෝ සිරිසේන...
අනේ ගෝනි කරේ තියාගෙන නේද කඩේ ගියේ? ඒත් මොකද මේ වුණේ...?
ඉතා හොඳම තීරණයක්... මේ අය ආණ්ඩුවේ තනතුරුවලට සුදුස්සන් නොවෙයි.
සිරිසේන මහත්තයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැනට 26 සම්පූර්ණ වුණේ නැහැනේ...
මේකෙ තමයි කලකට පස්සේ ඇසුණු හොඳම පුවත...
ඉතාම වටිනා තීරණයක්.. ප්‍රථම වතාවට ගෝඨාට මල්මිටක්...
හොඳ තීරණයක්... එ්ත් පරණ කසිකබල් පුටු කෑලි කීපයක් අතුළට අරගෙන "ඒවත් පළලා ලිපේ දැම්මා " නම් තමයි වඩාත් හොඳ.. අලුත් මුහුණු මෙන්ම පරණ මූණු ඇමතිලා, කාන්තා ඇමතිලාට අප මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. කරුණාකර මහජනයා තමන්ට දී ඇති රාජකාරිය නිසිලෙස කිරීමට නොහැකි නම් මහජනතාවගේ සාපයට ලක් නොවී මෙන්ම තමන්ව මෙලොවට බිහිකළ තම තමන්ගේ ඒ ආදරණීය මෑණියන්දලාට පව් පුරෝවා ගැනීමෙන් වළකින ලෙසයි. එලෙසම ගොට්ටන්ගෙන් අරතුමා, අර තුමිය, මෙතුමා, මෙතුමිය යන නම්බුනාම ලබා ගත්තත් මනුස්සකම දන්නා අවංක, රටට හදවතින්ම ආදරය ඇති පුරවැසියන්ගෙන් නම් එම වර්ණනා බලාපොරොත්තු වීමෙන් වැළකි සිටියොත් වඩාත් උචිත වේ යැයි අපගේ හැඟීමයි. මෙය දියවන්නාවේ සියලුම මහජන නියෝජිතයින්ටම අදාළ බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.. අහිංසක මහජනතාවට අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව, රටේ දියුණුව මෙන්ම සියල්ලන්ගේම ආරක්ෂාව මෙන් පුරවැසියන්ගේ දියුණුව පමණි.
තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.. මේ ගොල්ලෝ ඇමැතිකම් එපා කිව්වද කවුද දන්නේ?
දූෂිතයින් ඉවතට... ඒකයි ජනාධිපතිගේ පොරොන්දුව... බුදුසරණයි නිරිඳුනි..
ඇමැතිකම් කරපු කාලේ මොනවද කරලා තියෙන්නේ? රටට ඵලදායී වැඩක් කළාද? නැද්ද? ඒවා මොනවාද? නාස්තිකාර වියදම් පමණක්ද? ඒවා සොයලා බලලා හිටපු අයට දෙන්න ඕනේ... අලුත් අයට අවුරුද්දක පරිවාස කාලයකට යටත්ව පරිවාස ඇමැතිකමක් දෙන්න ඕනේ. අවුරුද්දෙන් සැලකිය යුතු වෙනසක් නොපෙන්වනවා නම් ඉවත් කරන්න ඕනේ...