
(සුදත්එච්. එම්. හේවා )
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුළං තත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර කොටසට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට අද(10) බාධා එල්ල විය.
වටවල පොලිසියේ නිලධාරියකු පැවසුවේ, අලුයම 5.50ට පමණ හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදි මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට පැයක පමණ කාලයක් අවහිරතා සිදුවූ බවය
පසුව එම එම ගස කපා ඉවත් කර මාර්ගය කඩිනමින් යථා තත්වයන්ට පත් කිරීමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කඩා වැටිමෙන් එම ප්‍රදේශයේ විදුලි රැහැන්වලට හා දුරකතන රැහැන්වලට හානි සිදුව ඇති බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd