(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු සහ ගල් පෙරලීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිසිය පැවසීය.
 
වටවල දියගල , වටවල සිංහල විදුහල අසල , හැටන් වුඩ්ලන්ඩ් ප්‍රදේශ වලදී ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු සහ ගල් පෙරලී යාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ උදැසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණි.
 
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් මාර්ග සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව ඉවත් කිරීමෙන් අනතුරුව රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කළ බව පොලිසිය පැවසීය