(සුජිත් හේවාජුලිගේ)
මෙරට වයස 60ට වැඩි පුද්ගලයන් 85,000ක් විවිධ හේතු මත කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නැතැයි කොවිඩ් මර්දන කමිටුවේදී තොරතුරු හෙළිවී ඇත.
මෙය අවදානම් තත්වයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති. මෙලෙස එන්නත් ලබා නොගත් අයට නිවෙස්වලට ගොස් එන්නත් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් වයස 60ට වැඩි මෙම පිරිසෙන් බහුතරයක් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති .
එම සංඛ්‍යාව 20,000 කි. දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වලින්ද එන්නත ලබා නොගත් එම වයස් කාණ්ඩයේ පිරිස් අඩු වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි . මේ අතර රටපුරා කොවිඩ් මර්දන එන්නත ලබා ගත් සහ නොගත් අය සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත.
එසේම රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි එම කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ දෙන එන්නත් විදගන්න බැරි හැටි.
රටේ අනික් මිනිසුන්ගේ ආරක්ෂාව පතා මොවුන්ටඇදගෙන ගිහිල්ලා එන්නත දෙන්න.