
මේ වසරේ, හජ් වන්දනාව සදහා සහභාගී වියහැක්කේ කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය අවධාරණය කරයි.
කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා මෙම තීරණය ගෙන තිබේ.
එබැවින්,මක්කමට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, ඒ වෙනුවෙන් එහි සියලු පිවිසුම් ස්ථාන සඳහා අවශ්‍ය පිරිස යොදවමින් සුරක්ෂිතතාව ඇතිකිරීමටත් රජය සූදානම් විය යුතු බව සවුදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තවුෆික් අල් රබීන් මහතා පැවසීය.
ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම වන්දනයක් වන හජ් වන්දනය සදහා විවිධ රටවල්වලින් ලක්ශ සංඛ්‍යාත ජනතාව මක්කම පුදබිම වෙත වාර්ෂිකව පැමිණෙති. ජීවිතයේ එක්වරක් හෝ මක්කම සංචාරය කිරීම බැතිමතුන්ගේ අභිලාශයයි. හජ් වන්දනය ඉස්ලාමීය මාස ක්‍රමයේ දොලොස්වන මස වන දුල් හජ් මස 8 වන දින සිට 12 වන දින දක්වා සිදුකෙරේ.
කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේදී හජ් වන්දනය අවලංගු කිරීමට සවුදි අරාබිය තීරණය කළ අතර, පසුව එම පිරිස අරාබියේ බැතිමතුන් 1000ක් දක්වා සීමා කිරීමට කටයුතු කෙරිණි.
මීට ඉහතදීද හජ් වන්දනයට ගිය බැතිමතින් අතර විවිධ රෝග ව්‍යාප්තව තිබීම හේතුවෙන්, නොයෙක් රටවලින් පැමිනෙන ජනයා නිසා කොරෝනා වයිරසය ආසාදනය වීමේ ඇති හැකියාව පිළිබදව සිතා මෙම තීරණය ගත් බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.
(6844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට බැරිද කෝවිඩ් 19 නවත්තන්ට...?
සෞදියේ නිරෝධායන නීති හොඳින් ක්‍රියාත්මක වෙන බව පේනවා. සෞදිය ඔලුව උඩ තියාගෙන තමන්ට හුළං ටික දෙන, තමන්ව දරා සිටින ලංකා දරණී තලයට නිගරු කරන, ඇතැම් මුස්ලිම්වරුන් කැමැති මෙහේ තිබෙන නීතියට වඩා සෞදි නීතියටයි. ඒ වුණාට බොහෝ මුස්ලිම්වරුන් නිරෝධායන නීතිය ගරුකරන්නේ නැහැ. මාස්ක් එක දාන්නේම බෙල්ලටයි. නහයට හා කටට නෙමෙයි. අනෙකුත් ජාතීන්ට සාපේක්ෂව බොහෝ මුස්ලිම්වරුන් නීතිරීති වලට අවනත නැහැ. ඔවුන්ගේ ඇතැම් අන්තවාදී දේශපාලකයින්ගේ ජාතිවාදී, ආගම්වාදී උගුල්වල පැටලී තමයි මේවා කරන්නේ. ඒත්, මේ සියලු සෙල්ලම් මෙහේ දැම්මාට, සෞදියේ දාන්න ගියොත්, බෙල්ල තමයි කපන්නේ. මේ රටේ මේ ලියන.. අපටත් වඩා හොඳ මුස්ලිම්වරුන් සිටිනවා. ඔවුන්ට අපගේ ගෞරවය. අපගේ මේ විරෝධය අන්තවාදී අනුවණයින්ට පමණයි. මැදිහත්ව සිතන, අන්තවාදය හා ජාතිවාදය පිළිකුල් කරන හොඳ මුස්ලිම්වරුන් සැමදා අපහට ශක්තියක්. ගෞරවයක්. ඒත්, ඔවුන්ගේ සැබෑ හඬ එළියට එන්නේ නැහැ. ඔවුන් අසරණයි. ඒත්, අප ඔවුන්ව රැකගැනීම වැදගත්. ඔවුන් ගැන සිතීම, කතාකිරීම වැදගත්....
ලෝකෙ මැව්ව දෙවියන්ට මේ ලෙඩේ කජ්ජක් නොවේ.