
(අංජුල මහික වීරරත්න)
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුමක් නොදීම නිසා ලබන 21 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
මෙම තීරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට වෘත්තිය සමිති නායකයන් ලිඛිතව දැනුම් දී තිබෙන බව කී සුමංගල හිමියෝ සිසුන් 200 ට අඩු පාසල් විසිඑක් වැනි දා සිට විවෘත කරන බව ආණ්ඩුව පවසා ඇතැයිද හැකිනම් එලෙස පාසල් විවෘත කර පෙන්වන්නැයි අභියෝග කරන බවද කීහ.
ආණ්ඩුව ඔවුන්ගේ මැරයන් දමා පාසල් විවෘත කරන්නට උත්සාහ කරන බව කී සුමංගල හිමියෝ එම මර්දනයට ශක්තිවන්ත ව මුහුණ දීමට සූදානම් බව බවද පැවසූහ.
නාරාහේන්පිට නාවල පාර පිහිටි ධර්මායතනයේදී අද(18) පැවති මාධ්‍ය හමුවකදී උලපනේ සුමංගල නාහිමියෝ මෙි බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරය රකින්න ඕන. නැත්නම් තමන් කරන රස්සාවෙන් රටට සේවයක් කරන්න ඕන. දස අකැප වස්තු ඉල්ල ඉල්ලා තර්ජනය කිරීම කොතරම් අසත්පුරුෂද ?
දැං බොරු එපා හාමුදුරුවනේ . සියලු දෙනාම ගුරුවරු හා විදුහල්පති ලා වැඩට යනව. ස්ටාලින් ට පිටට තටිටු කරන කොට අපි දැනගත්තා මේ දේ වෙන බව. නිකං සවුත්තු නොවී ඉන්න .
21 පාසැල් විවෘර්තයි.ඔබ තුමා වර්ජනය කරගෙන ඉන්න ,නැති නම් එල්ලෙන්න ලනුවක් දෙන්නම් හා හා හා
මේ එතකොට අපි වඳින ත්‍රිවිධ රත්නයෙන් බාහිර කෙනෙක්ද. සංගරත්නෙට අයිති නැත්නම් සිවුරු දාගෙන මොකද
මෙයා කියන්නෙ 21 දා.25 කස්ටියම වැඩට යනවා.ලොකු උන් ගාන බෙදා ගනීවි එදාට.කඩේ ගිහින් වේලි වේලි හිටපු ගුරු හැත්තට නතිං තමයි.
රජය සහ ගුරුවරු දරුවන්ගේ ජීවිත එක්ක කරන පුදුම සෙල්ලමක් මේක...
කිරිපුතා සහ චන්දන වෙත, එතකොට සර් පාස්... අපේ හාමුදුරුවෝ ෆේල්ද?
අනිත් උදවියට අභියෝග කරන්නට පෙර. තමන්ට සෝවාන් ඵලය ලබාගෙන පෙන්විය හැකිද?
මෙම දින 100 යේ ක්‍රියාවලියේ පව්කාරකම කියාදීමට තරම් කවුරුත් ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණකි.
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි.
ඔබවහන්සේ සෝවාන් වෙලා පෙන්නුවොත් අපි ඒක කරලා පෙන්නනවා.
අනේ සර් ජෝන් කොතලාවල මහතා හිටියානම්. එහෙනම් මම නොමිලේ තාර කොන්තරාත්තුව බාරගන්නවා.