
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය.
ප්‍රවාහනයේ දී සහ වන සතුන්ගෙන් වන හානි නිසා ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40% ක 50 %ක පමණ ප්‍රතිශතයක් නාස්ති වන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන් මරා ලබන අලාභය, ලබන ලාභය සමඟ සැසඳිය හැකිද?
ගොවීන්ට ඒක වෙන්න ඇති මේ වෙලාවේ හැටියට අඩුවකට තිබුණේ...?
පෝර නැතිව තුවක්කු තිබුණොත් ඇති නේද?