(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැනගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දස දෙනාගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

COMMENTS
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයෙන් සමත්වූ අසමත්වූ සියලු දෙනාට උසස් අධ්‍යාපනය වසර 13 දක්වා කරගෙන යාමට රජය මගින් කටයුතු කර ඇත. සිසුන්ගේ දක්ෂතාවය අනුව ඔවුනට කැමති පරිදි
සමත්වූ ද , මතුවට සමත් වන්නට සිටින්නා වූ ද, සියලු ම සිසු සිසුවියන්ට අපගේ ශුභ පැතුම්!
පලවෙනියා කවුරු හරි වෙනවා තමයි. මෙතනදි හොයලා බලන්න ඕනි මීට කලින් පලවෙනියො වුන මවුපිය කෙනෙකුගෙ ළමයෙක් පලවෙනි දහය අතරට පැමිනි අවස්ථා තියෙනවද කියලා. එහෙම කාලෙකට කලින් පලවෙනියො වුන අය ඉහලට ගියහම මුදල් සහ තනතුරු පස්සෙ ගිහින් තමන්ගෙ ලමයින්ගෙ ඉගෙනීමේ කටයුතු සොයා බැලීම අමතක කරනවා. අනෙක ඔය පලවෙනි දහයට ආපු කීදෙනෙක් උසස් පෙල පලමු දහයට ඇවිත් තියෙනවද?
මේ සැරේ වත් බමුණු ආරච්චි ගොඩ ද?
සුබ පැතුම්...!!! ලංකාවේ මුල් ස්ථාන ලබාගත්ත දියණියන් (වැඩි පිරිසක්) මුලින්ම ගිය පාසල අමතක කරන්න හොඳ නැහැ... මොකද ජනප්‍රිය පාසල් ජනප්‍රිය වෙන්නේ 5 වසර විභාගය සමත් වෙලා එම විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තු දුවලා පුතාලා.. ඒ පාසල් වලට ඇතුලත් වන නිසා... කොහොමහරි සමත් වුණු සියලු දුවල පුතාලට සුබ අනාගතයක්... උගත්කමට මනුෂ්‍යකම යටනොවන අනාගත උගතුන් පිරිසක් මේ අතරින් බිහිවේවා...!!!