IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සී.අයි.ඩිය ලංකාදීපයට එයි

(සුජිත් හේවාජුලිගේ)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  හිටපු විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන  මහතා  ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ  එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ  ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විශේෂ නිලධාරීහු  කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප  ප්‍රධාන  කාර්යාලයට අද  (28) උදේ  පැමිණියහ.

කෙසේ වෙතත්    ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට  සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන  කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන  නිලධාරී කණ්ඩායම   ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම    පිටව ගියේය.

එම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ  ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා   වෙනත් දිනයක නැවතත්  පැමිණෙන බවට දැනුම් දෙමිනි.

ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර  තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ  තුෂාන් ගුණවර්ධන  මහතා  විසින් පළ කරන ලද අදහස්ය. සතොස සුදුළූනු  වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රශ්න කර  තොරතුරු ලබාගෙන  විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ  එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීමට  සූදානම්වීම  විහිළු සහගත මෙන්ම   මාධ්‍ය  නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ  තර්ජනයක්  බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.



අදහස් (21)

සී.අයි.ඩිය ලංකාදීපයට එයි

samana Tuesday, 28 September 2021 01:11 PM

වැටත් නියරත් ගොයන් කානන්.. ඇමතිත් වෙලෙඳොත්....

:       12       104

සිරිබිරිස් Tuesday, 28 September 2021 01:30 PM

එහෙනම් අද ජනමාධ්‍ය ඇමතිවරයා රහස් පොලිස් නිළධාරින් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වලින් ප්‍රශ්න නොකළ යුතුයැයි ප්‍රකාශ කලේ බොරුවටද

:       16       103

සිරිබිරිස් Tuesday, 28 September 2021 01:37 PM

වැඩ පටන් අරගෙන වගේ ආපහු . 2015 ට ඉස්සෙල්ලා කාලේ මතක් උනා .

:       12       121

fairoos Tuesday, 28 September 2021 01:53 PM

රාජපක්ෂලානේ ,රටට හොඳ මිසක් නරකක් කරන්නේ නැහැ

:       82       24

මලයTuesday, 28 September 2021 04:16 PM

මලය කරපු හොද දිරව ගන්න බැරිව අපි නම් ඉන්නෙ

:       5       98

P. Ilangaratne Tuesday, 28 September 2021 02:07 PM

සර් හොඳටම කරන්න වගේ හදන්නෙ.

:       6       98

Raveendra Tuesday, 28 September 2021 02:12 PM

සුදුළුණු හොයන්නට සීඅයිඩි ආවාලු....... කතෘතුමා ලුනුමිරිසක් සදමින් සිටියාලු....... සුදු ලුණු ඕනෑමද ලුනුමිරිසට ඇසුවාලු..... ඕනෑ නැහැ කියමින් සීඅයිඩි ගියාලු.......

:       9       59

de silva Tuesday, 28 September 2021 02:14 PM

වෙළඳ ඇමති ,පාරිභෝගික අධිකාරිය හරියට වැඩ කරනවානම් අද රටට මෙහෙම වෙයිද ?බඩු මිල මෙලෙස ඉහල යාවිද ?මෙවැනි මහා පරිමාන සීනි ,සුදුලූනු වංචා සිදු වෙයිද ?සහල් මාෆියා කාරයෝ දෙදෙනෙක් රටේ සහල් මිල තීරනය කරාවිද ?ගලන ගඟත් රිවස් කරාවිද ?

:       1       80

Surain Tuesday, 28 September 2021 03:04 PM

අපි ආපසු මේ ගමන් කරන්නේ කොහෙටද ?ඔය පුරුදු වෙනස් කරන්න බැහැ .ලංකා වාසී ජනතාවනි ගිය නුවන ඇතුන් ලවා වත් ආපසු අදින්න බැහැ

:       2       50

seneviratne Tuesday, 28 September 2021 05:18 PM

ප්‍රශ්නේ දිහා බලන්නේ නැහැ .කියන මිනිහගේ බලනවා

:       0       43

lakmal Tuesday, 28 September 2021 05:21 PM

තව අවුරුදු 4ක් තිබෙනවා .තවම චිත්‍රපටය පටන් ගත්තේ නැත .තවම සංස්කරණ කටයුතු පමණි .පටන් ගත්තම 69 ට පමණක් නොව ශ්‍රිලංකාවේ සියලුම පුරවැසියන්ට සිදුවන්නේ අඬමින් ජීවත් වීම පමණි .මතුවට වත් තීරණ ගැනීමේදී බුද්ධියෙන් කටයුතු කරමු .දැන් තියන තත්වයවත් ,කව්රුත් කියන බොරුවලටවත් ,චන්දය කිට්ටුවේදී දක්වන රංගනයට වත් ,වහල් ගති වලටවත් ,හිත කියන දේවත් නොකර නොරැවටී .

:       18       80

සමරේTuesday, 28 September 2021 07:25 PM

ඉතින් කාටද වෙන අපි ඡන්දය දෙන්නේ? ලෝකෙන් ආධාර අරන් හැමදාම සමූර්ධිය දෙන්නම් කියලා මිනිසුන්ව දුප්පත් කමෙන් එළියට ගන්න උත්සාහයක් නැති සජිත්ට දෙන්නද, නැත්නම් ලැබුණු අවස්ථාවෙන් රට ගොඩ නොගෙන යාළු නරියාට මහා බැංකු කිකිළිය දීපු රනිල්ටද, එහෙමත් නැත්නම් පිටරට දරුවා ඇරලා ලංකාවේ ළමයින්ගේ උසස් අධ්‍යාපන අවස්ථාවන් නැති කරන ජේවීපී පෙරටුගාමි නායක දෙපළට දෙන්නද? ඔබලා රාජපක්ෂ පවුල නරකයි කියලා මදි. ඒ අයව ඡන්දයෙන් පරදන්න නම් නියම විකල්පයක් දෙන්න.

:       49       63

බබානිස්Wednesday, 29 September 2021 12:05 AM

ස්වාධීන පක්ෂයක් ආවොත් එහෙමවත් බලමු. මාරුවෙන් මාරුවට පත්වෙන පක්ෂ ,දේසපාලුවෝ නම් අපිටත් අරහං

:       8       43

AnuraWednesday, 29 September 2021 09:46 AM

වෙන කිසිම පක්ෂයකට මේ රාජපක්ෂ පවුලයි, GMO කට්ටියයි ආණ්ඩු කරන්න දෙන්නේ නැහැ... දැක්කනේ යහපාලන සමයේ තිබ්බ උද්ගෝෂණ ගොඩ..?

:       9       43

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 28 September 2021 05:34 PM

දැන් පැහැදිලියි හොදටම මොකක්ද මෙතන වෙන්නෙ කියල...මේ නියෝග දෙන්නෙත් සුලු පටු අය වෙන්නත් බෑනෙ..ඒ කියන්නෙ මේ වට සම්බන්ධ අයත් සුලුපටු අය වෙන්න බෑ කියන එක...

:       0       0

Prabha Tuesday, 28 September 2021 08:29 PM

පෙන්නලා දීපු හොරු ටික අල්ලනවා වෙනුවට එන්නේ පත්තර කන්තෝරුවට

:       0       38

sampath Tuesday, 28 September 2021 10:06 PM

මේක කැකිල්ලේ ක්‍රමයක්නේ.

:       0       36

Shams Tuesday, 28 September 2021 10:11 PM

සමර මහත්මයා, අද මම දුටු හොඳම කොමෙන්ටුව මෙයයි

:       6       24

69lakshaya Tuesday, 28 September 2021 11:43 PM

අනේ මන්දා හිට්ලර් පාලනයක්ද මන්දන්නේ නැහැ

:       8       31

Lal Wednesday, 29 September 2021 07:09 AM

සර් මාධ්‍යයටත් හොඳටම කරන්නද යන්නේ? බොහොම නරකයි, බොහොම නරකයි...

:       0       0

Vithana Friday, 01 October 2021 08:49 AM

CID එකට රාජකාරී කරන හැටි වෙනම පුහුණුවක් දිය යුතුයි විදේශයකට යවලා. ගල දිහා නෙවෙයි ගල ආපු තැන බලන්න පුහුණු කල යුතුයි. අපිට තියෙන්නේ බොහෝම ප්‍රාථමික මට්ටමෙන් හිතන CID එකක්. ඒ නිසා දවසින් දවස රටේ අපරාධ වැඩි වෙනවා. ඒත් මහජන මුදලින් වැටුප් සහ අනෙකුත් දීමනාත් සියල්ල නිසි විදියට බුක්ති විඳිනවා.

:       0       26

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මෛත්‍රී රෝද තුනෙන් යයි
2024 ජුලි මස 26 4846 11

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජ


රනිල් ඇප තියයි
2024 ජුලි මස 26 6640 41

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්ප


ජනපතිවරණය සැප්තැම්බර් 21
2024 ජුලි මස 26 3249 15

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


ජනපති පුටුවට දැනට 12ක් සටනට
2024 ජුලි මස 26 6657 8

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.


’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’
2024 ජුලි මස 25 16705 23

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබ


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 24 8651 12

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site