IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය.

සැකකාර ඔත්තුකරුවන් සමඟ සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ද ඉරාන මාධ්‍ය අද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඇතැම් අයගේ ඡායාරූප ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය ද කෙරුණි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත

සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරානය පසුගිය ජූනි මාසයේදී නිවේදනය කළ අතර ඉරානය අද ප්‍රසිද්ධියට පත් කළ පිරිස හා ඔවුන් එකම පිරිසක් ද පැහැදිලි නැත.

මේ වනවිට මාස තුනක් මුළුල්ලේ සිට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර එවැනි මොහොතක ඉරානය මෙලෙස සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන් හා ඔත්තුකරුවන් අල්ලාගත් බව නිවේදනය කළේය.

ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ඉරානයට සම්බාධක ද පැනවීය.

රොයිටර් ඇසුරිනි

055

 

   

 



අදහස් (10)

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

ලුම්බිණි Tuesday, 23 July 2019 12:56 AM

පුදුම වෙන්න දෙයක්ම නැහැ. මරණ දඬුවම ඉරානයට අලුත් දෙයක් නොවෙයි.

:       0       0

රවින් Tuesday, 23 July 2019 02:14 AM

හ්ම් ප්‍රකාශ නිකුත් නොකලායයි කියන්නේ යම්කිසි සත්‍යතාවයක් තියනවායයි කියන එක. මොකද පිළිගත්තොත් ජාත්‍යන්තර වරදක්. නොපිලිගත්තොත් එම උදවියට කරන වරදක්.

:       0       0

Amila Tuesday, 23 July 2019 02:44 AM

ඉරානයටද ඉරාකයට අත්වූ ඉරණමම අත්වීම ඉතා ආසන්නය.

:       10       29

kamani Tuesday, 23 July 2019 03:09 AM

නියමයි. මේ අය තමයි ලෝකය විනාශ කරන්නේ.

:       207       170

ravi Tuesday, 23 July 2019 04:17 AM

දැන් අපේ රටේ අපිත් එක්ක කනබොන හිනාවෙන මිත්‍රත්වපාන විදේශීය ඔත්තුකාරයෝ කීදෙනෙක් විතර ඉන්නවද? මෙයාල කවුරු වගේද වෙස්වලාගෙන ඉන්නේ?

:       55       252

සේන Tuesday, 23 July 2019 06:16 AM

තවත් අර්බුදයක මුලක්... කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. මිනිසාගේ නොනිමි ආශාව මේ මිහිතලය විනාශය කරා ගෙනයනවා.

:       0       44

Thilina Tuesday, 23 July 2019 06:31 AM

ස්වාධීන රටවල තමන්ගේ ධන බලයෙන් අත්පත් කරගන්න හදන අයට මේවා හොඳපාඩම්.. මරණ දඬුවම හොදයි.

:       25       0

Sajith Tuesday, 23 July 2019 07:01 AM

රවී දන්නේ නැද්ද ජෙප්පෝ වගේ.

:       0       1

Jaya Tuesday, 23 July 2019 08:04 AM

මේ රටේ ඒක පාක්ෂික නම් වැඩිපුරම ඉන්නේ සී අයි ඒ ඒජන්තයෝ තමා.....

:       0       47

krishantha Friday, 26 July 2019 11:26 AM

එහෙ ආණ්ඩුව ඔත්තුකාරයන්ව අල්ලනවා. මෙහෙ ඔත්තුකාරයෝ ආණ්ඩුව අල්ලලා, දැන් අවුරුදු 5ක් විතර වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 1180 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 240 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 19 2754 0

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.


උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
2025 ජනවාරි මස 19 691 1

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම


මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 762 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 759 0

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 371 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 599 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 326 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site