(සුජිත් හේවාජුලිගේ )
අවශ්‍යම දන්ත ආබාධයකට හැරෙන්නට වෙනත් සුළු සුළු ගැටළුවලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණීමෙන් වළකින්නැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඇපා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම රෝහලට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර එහි නිකරුණේ කාලය ගත නොකර වහාම නිවෙස් වලට පිටත්ව යන්නයිද ඔහු දැනුම් දෙයි . දන්තාබාධවලට ප්‍රතිකාර කිරීමේදී විසිරෙන කෙළ බිඳිති මගින් කොවිඩ් බෝවීමේ අවදානමක් පවතින හෙයින් මෙලෙස ක්‍රියා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවී තිබෙන බවද ඈපා මහතා සඳහන් කරයි.
මේ අතර මුඛය ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා පැමිණෙන අය ඒ සඳහා යොමු කෙරෙන්නේද පී.සී.ආර් පරීක්ෂණයකින් පසුව යැයි ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd