(අජන්ත කුමාර අගලකඩ)
වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (21) රාත්‍රියේ තීරණය කළේය .
වෙළඳ ,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි .
වෙළඳපොළේ මේ දිනවල සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම සහල් තොගය වහාම ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .
ආනයනය කරනු ලබන සහල් සතොස සහ සමුපකාර වෙළඳ සැල් හරහා කිලෝව රුපියල් 100 ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය .
COMMENTS
මේ ගෙන්වන සහල් කාබනිකද? ජාතියේ පවට පහළ වුණු ගොබ්බ සිටාණෝ...
ඇයි මෙච්චර කලින් ගෙන්නන්නේ...? හාල් මෝල්කාරයින් පව් නේද? එයාලට රේස් දාන්න, හෝටල් හදන්න... තවත් හාල් මිල නග්ගන්න තිබුණානේ.. කීරි සම්බා රු.300කට විතර වෙනකන් බිංදුලාට පුලුවන් ගැසට් ගහන්න. කොහොමත් ගොයම් කැපෙන්න ළං වෙද්දී රටින් හාල් ගෙන්නලා හාල් මිල බැස්සුවාම ආයෙත් මිස්ටර්. අරලිය සහ හාල් නිපුන්ලාට කුණුකොල්ලෙට වී ටික අරගෙන ගබඩා පුරවන්න පුලුවන්.. හැමදාම වුණා වගේ.. ඊට පස්සේ මාස කීපයකින් එයාලා දෙවියෝ එයාලගේ හාල් දෙයියන්ගේ හාල්. එයාලගේ හාල් කාපු රටටම පිස්සු...
ඇමැතිතුමෝ!! ඔය සහල් රසායනික පෝර යොදන්නේ නැතිව වගාකරන රටකින් ආනයනය කරන සහල්ද? එහෙම නැත්නම් අනේ අපිට එපා. අපි ප්‍රතිපත්ති ගරුකයි...
නොමිලයේ පොහොර දෙනවා කියල දිරච්ච ලනුවක් දීල බලයට පැමිණියාට පස්සේ නොමිලයේ තියා මුදලටවත් පොහොර ගන්නට ක්‍රමයක් නැති කර ගොඩ මඩ ගොවියෝ සියලුදෙනාම නන්නස්තාර කරපු ආණ්ඩුව දැන් පිටරටින් හාල් ගෙන්වන්න යන්නේ ඒකෙන් ලැබෙන කොමිස් කුට්ටිය බලාගෙනද?
දැන් ගොවියාගේ නිෂ්පාදන වලට මොකද කරන්නේ..?
යකුනේ පොහොර බෙහෙත් දීපීයව්. අපි වවාගෙන කන්න. නැවෙන් කටට එන්නේ කාබනික හාල්ද දෙයීයන්ගේ හාල්ද. කොහොම හරි කොමිස් ගහන්න පුළුවන් නම් ඒක තමයි සැපය.