IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ඇළකට කඩා වැටෙයි

 

(ඉන්දිකා  රාමනායක)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක්  කන්තලේ  ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා  වැටී ඇති බව ගුවන් හමුදාව කියයි.

මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය  හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය   පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන්  දුෂාන් විජේසිංහ මහතා පැවසීය ..

දැනට විනාඩි 45 ක කාලෙක සිට මෙම ගුවන් යානය පාලක මැදිරියෙන් ගිලිහී ගොස් ඇති බවත්  එවකට එය තිබී ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ බව ද   හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයකට කඩා වැදී ඇති බවත් ගුවන් නියමුවා ගුවන් යානය තුළම සිර වී සිටින බවද පොලිසිය කියයි .

එනම් ඒ වන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව යානයේ සිර වී සිටි ගුවන් නියමුවා ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවද පොලිසිය සඳහන් කරයි .

යානය  තුළ සිරවී සිටි ගුවන් නියමුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ සිරුර මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප - අමදෝරු අමරජිව සහ නවරත්න ගමගේ

 



අදහස් (8)

සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ඇළකට කඩා වැටෙයි

සත්‍යපාල Tuesday, 15 December 2020 10:47 AM

දක්ෂ නියමුවෙක්. ගුවන්යානය ක්‍රියා විරහිත වූ පසු ජනරංජන වැවට ගොඩබා ගැනීමට උත්සාහ කල බවට සිතිය හැකියි.

:       4       29

WCA Tuesday, 15 December 2020 11:21 AM

චීන වරාය හමුදා කඳවුරෙන්...

:       10       2

MOHOMED Tuesday, 15 December 2020 01:18 PM

මෙක සෙල්ලම් ගුවන් යානයක් වගේම ගුවන් යානය දැකලා ලෝකයේ අනික් රටවල් බලාගෙන ඉන්නවා. තවමත් දියුණු වන රටක්ලු...

:       11       2

Irosh Tuesday, 15 December 2020 01:51 PM

99.99% ගුවන් නියමුවන් එහෙමයි. තමන්ගේ ජීවිතයට වඩා කඩාවැටීමකදී පහල සිටින පිරිසගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නෙ. ගුවන්හමුදා නිලධාරියෙක් මගී ගුවන් යානා නියමුවෙක්ට වඩා ඒ හැගිම ඉහලයි කියල මම හිතන්නෙ මන්ද? මගියන්ගේ වගකීමක් මෙවැනි අවස්තාවලදී නැති නිසා. ඔබට නිවන් සුව

:       0       6

Perera Tuesday, 15 December 2020 05:51 PM

මීට කලින් ඔය වර්ගයේ එකක් හපුතලේ කන්දක් උඩට කඩා වැටුණා නේද?

:       0       5

Jinasena Wednesday, 16 December 2020 02:15 AM

ඔය පරන ලදරන් ටික තියෙන්න ඕනෙ කටු ගේක. ඕව 2ලෝක යුද්ධයට ඉස්සෙල්ලා හදපුවා. ඕව කඩාවැටෙනකල් දුවනවා. ඕකෙන් නැතිවෙන්නෙ රටේ වටින සම්පත්. රටේ පාලකයන්ට කිසිම ගානක් නෑ ඕව ගැන උන්ට v8 එකක් ගත්තහම ඔක්කෝම හරි කියල හිතන්නෙ උන්ටම කත් අදින නිලධාරින් ටිකකුත් උන්ටම හරියන්න ඉන්නවා . කිසිම වැඩපිළිවෙළක් නෑ. කයිවාරු විතරයි .

:       0       6

yaka Wednesday, 16 December 2020 02:50 AM

දන්න කෙනෙක් කියන්න මෙක අවුරුදු කීයක් පරණ ඇද්ද?

:       0       4

SATHYAPALA Wednesday, 16 December 2020 03:53 AM

ඇයි සල්ලි සල්ලි කියල බලන්නැතුව අලුත් එකක් අරන් දෙන්න නේද හදන්නේ ? මම දන්නවනේ ඔයාගේ හැටි. යකා කියල නම තිබුනට නමට යටින් හැංගිලා ඉන්නේ බබෙක් නේද ? පොඩි එවුන් ඔය වගේ විහිලු කරන එක සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ විදිහට යකා බබා කියන දේවල් අපිට තේරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 176 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site