(දයාරත්න ඇඹෝගම)
තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල නගරයේ උකස් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
හමුදා නිලධාරීන් විසින් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා සැකකරු කැකිරාව පොලිසියට බාරදී තිබේ.
සැකකරු අද (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අත්තඩංගුවට ගන්නවා නම් තව ප්‍රබල දේශපාලකයන් පවා ඉන්නෙ..ඒ අය ගැන මෙච්චර තොරතුරු තිබිලත් අත්අඩංගුවට ගන්නෙ නැති එක යි මට තියෙන ප්‍රශ්නේ ..
එතකොට අනිත් එවුන්?