IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සහරාන්ගේ දේශන ඇසූ දරුවන් දෙදෙනකුගෙන් රහස් ප්‍රකාශයක්

(*** නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් නමැත්තා ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ බව කියන බාලවයස්කාර දරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ  රහස් ප්‍රකාශයක් දුන්හ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්ති ප්‍රකාරව මෙම බාලවයස්කාර දරුවෝ දෙදෙනා මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියේදී එලෙස සිය රහස් ප්‍රකාශය දුන්හ.

පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක ඉගෙනුම ලැබූ බව කියන මෙම දරුවෝ දෙදෙනා වයස අවුරුදු 16ත් 17ත් අතර වයසේ පසුවෙති.  පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සිනමන්ග්‍රෑන්ඩ් නඩු කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) මෝසමක් ගොනු කරමින් මෙම දරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සහ්රාන් හෂීම් ඇතුළු කණ්ඩායම අනාථ දරුවන්ට අවි පුහුණුව දී ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට යොදා ගැනීමේ සැලසුමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගත්තේ ඉකුත් දිනකදීය.

සහ්රාන් හෂීම් ගේ සොහොයුරා වූ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දී මියගිය මොහොමඩ් රිල්වාන් පුත්තලමේ පිහිටි මද්‍රසා පාසලට පැමිණ එහි සිටි අනාථ දරුවන්ට ගිනි අවි සහ අත්බෝම්බ පරිහරණය කිරීමට උගන්වා ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන තිබිණි. කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙමාපියන් භාරකරුවන් අහිමි දරුවන් 25 දෙනකු පමණ පිරිසක් කල්පිටිය මදුරන්කුලම ප්‍රදේශයේ පිහිටි පුහුණු කඳවුරක භාරකරුවකු විසින් එහි රැගෙන ගොස් පුහුණු කිරීම සඳහා බාර දෙන ලද බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළිකරගෙන තිබිණි.

මෙම මද්‍රසා පාසලේ විදුහල්පති ඇතුළු පිරිසකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී මෙම කරුණු අනාවරණය කරගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.  මෙම දරුවන් සඳහා සියලු වියදම් දරා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැත්තා සභාපතිත්වය දරන “සේව් ද පර්ල්” නමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් බවට ද මේ වනවිට කරුණු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (2)

සහරාන්ගේ දේශන ඇසූ දරුවන් දෙදෙනකුගෙන් රහස් ප්‍රකාශයක්

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 08:56 AM

රහස් පොලීසියට හා අදාළ සියලු අංශවලට ස්තුති වේවා !!! වැරදිකරුවන්ට නිසි දඬුවම් අප්‍රමාදීව ලබාදිය යුතුවේ.

:       0       0

Gamage Wednesday, 13 May 2020 11:38 AM

බොළඳ වැඩ කරන්නේ නැතිව මේවාට අනුබල දීපු සහ රහස් ඔත්තු සේවා ඔත්තු දීලත් ඒවා සඟවපු මහා සේනාධිනායකයෝ සහ සහරාන්ට පඩි දීලා කිරි දෙවපු අයව අත් අඩංගුවට ගන්න. නැතිව මේ සිඟිති වැඩකරන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 673 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site