(ලසන්ත නිරෝෂණපෙරේරා)
සිංහරාජය මායිමේ පිහිටි පරිවාර රක්ෂිතයක් වන වළංකන්ද රක්ෂිතයේ දි ගෝනෙකු මරා මස් ප්රවාහනය කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු රක්වාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලිම රක්වාන හරහා කලවාන මාර්ගයේ දි සිදු කර තිබේ. සිංහාරජය අඩවිය තුළ දඩයම් කර වන සතුන් මරා දමන බවට රක්වාන පොලිසිය ට ලද තොරතුරු අනුව මෙම වැටලීම කළ බව රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මරා දැමු ගෝනාගේ මස් කිලෝ ග්රෑම් 23 ක් ද සම්පූර්ණ ගෝන හමද සැකකරුවන් සිටි ජීප් රථය තුළ තිබී සොයාගෙන ඇත. ගෝනා මරා දැමීමට යොදාගත් බොර 12 තුවක්කුවක් සහ උණඩ 11 ක්ද රක්වාන පොලිසිය බාරයට ගෙන තිබේ. සැකකරුවන් ගමන් ගත් ජීප්රථයද, රාත්රි කාලයේදී වනාන්තරවල භාවිත කරන විදුලි පහනක්ද තවත් උපකරණ කිපයක් ද සැකකරුවන් ළගතිබී හමුවු බව රක්වාන පොලිසිය පවසයි.
මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු රක්වාන වළංකන්ද රක්ෂිතයට නුදුරින් පිහිටි තේ වත්තක හිමිකරුවෙකු බවද තවත් දෙදෙනෙකු රක්වාන ප්රදේශයේ අය බවද පොලිසිය පවසයි.එක් සැකකරුවෙකු පොලිසියෙන් ඉවත් වු අයෙකි. .
සැකකරුවන් අද 14 රක්වාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
ගසුත් කපන එකේ ගෝන්නුන් මැරුවත් මොකෝ වෙන්නේ නේද?
කරුණාකර මරණීය දණ්ඩනය දෙන්න හැමෝටම ... පාඩමක් වෙන්න..
මෙම කකුල් දෙකේ තිරිසනුන්ට උපරිම දඬුවම් ලැබේවා...!!!
සර්ගේ ගෙදරටත් කොටස යයිද...?
ගෝනමස් කෑමට සමහර තිරිසනුන් වන් මිනිසුන් දක්වන්නේ පුදුම කෑදරකමක්. මේ මස් වැද්දන් නිසා ගෝන්නුන් ප්රමාණය සීඝ්රයෙන් පහත බැසලා. තවත් මේ දේ මේ විදිහටම ගියොත්, මේ සතා මේ රටෙන් වඳවී යාවි. ඒවන් මතු දිනෙක අනාගත පරපුරට ගෝනා දැකීමට පුළුවන් වනුයේ ඡායාරූපයකින් පමණක් වෙනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ...