
(අජිතලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
හිමිකමක් ගැන පස්සේ බලන්න පුළුවන් සිංහරාජ ලෝක උරුම වනාන්තර මායිම එළි පෙහෙළි කිරිමත්, මායිමේ තේ සිටුවිමත් වතුකාර සමාගම් වහාම නැවැත්විය යුතු යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (10) පැවසීය.
රක්වාන ජල මූලාශ්‍ර ප්‍රදේශවල රුක් රෝපණය කිරිමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානයක්කාර මහතා මෙසේ ද කීය.
‘සුදු අධිරාජ්‍යවාදීන් 1818 රැල්ලෙන් පසු අපේ පොළොවේ තිබූ මී පැළ ලක්‍ෂ ගණනක් කපා දැම්මා. එහෙම කලේ අපේ ශක්තිය එය බව ඔවුන් දැන සිටි නිසා. ඒ කැපූ එක මී පැළයක් වෙනුවෙන් මී පැළ දහය බැගින් පැළකරන බව මේ වෙලාවේ සපථ කරනවා. මියෙම්වා හෝ රැකෙම්වා. මේ කොයික වුණත් මේ කටයුත්ත කිරීම මගේ ජීවිතයේ පරමාර්ථය කරගෙන තියනවා. ඒවගේම මේ හිටවපු ගස් පැළවෙලාද, පැළවෙන ගස් ලොකු වෙනවාද, ලොකු වෙන ගස් රැකෙනවාද කියලා මමත් මෙයාලත් බලනවා. ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනෑ.’
‘ලෝක උරුම සිංහරාජයට අභියෝග කරන්න කිසිම හිමිකමකට ඉඩම් දෙන්න බෑ. සෑම ඉඩම් හිමිකමක්ම සිංහරාජයේ බලයට යටත්. මේ බව මේ සියලුම වතුකාරයින් දැනගත යුතුයි. කාලයක් තිස්සේ මේ සිංහරාජ වනාන්තර මායිමේ වන විනාශයත්, ඒ තීරුවේ තේ සිටුවීමත් නවත්වන්න කියලා මේ වතුකාර මහතුන්ට අපි සංඥාවක් පැහැදිලිව දුන්නා. මේ ගැන නොතකන අය මැඩලන්න පොලිසියේ මැදිහත්වීම ලබාගනිමින් ඉන්නවා. හිමිකම් බලන්න පස්සේ පුලුවන්. දැන් නවත්වනවා හොඳයි. ඒක තමයි වතු මහත්වරුන්ට දෙන අපේ පණිවිඩය.'
‘දැන් අවුරුදු හය හතරක ඉඳලා රක්වාන ගඟේ වතුර අඩුවෙමින් තියනවා. විවිධාකාරයෙන් ජල මූලාශ්‍රයන්ට ඇතිවන හානිය නිසයි එහෙම වෙලා තියෙන්නේ. එළිකිරීම් පමණක් නෙවෙයි ජලය ඉවතට ගෙනයාම් ද ඊට හේතුවක් බව දැනගන්නට ලැබුණා. අපි ඔක්කෝම ජලය බෙදාහදා ගන්නට ඕනෑ. ජලය ඇති තැන් වලින් නැති තැන්වලට ජලය ලබා දෙන්නට ඕනෑ. හැම කෙනෙකුටම ජලය භුක්ති විඳින ප්‍රතිපත්තියකට අපේ ආණ්ඩුව ඇවිත් තියන බව කිව යුතුයි.’
’‘ජල මූලාශවල අයිතිය ජල සම්පත් මණ්ඩලයට පවරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. ජල මූලාශ්‍ර සහ රක්‍ෂිත සොයා මම මුළු ශක්තියෙන්ම ඇවිදිනවා කියන පරමාර්ථයක් මට තියනවා. මෙන්න මේ කටයුත්ත ඉටු වුණොත් ජල මූලාශ ඉබේම රැකේවි. ජලයත් ඉබේම ගලා යාවි.’
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර ගුණතිලක යන මහත්ම මහත්මින්ගේ ආරාධනයෙන් ජාතික ජලසම්පත් සහ ජලාපවාහන මණ්ඩලයේ සංවිධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. පාසල් සිසුන් රාජ්‍ය ආයතන නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
COMMENTS
වාසුදේව මහත්තයෝ, මෙතන නිකම් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව ඉන්න. අපි නොදන්නවාද ඔබ තුමා ගැන? කට විතරයි,වැඩ නැහැ? සමාජවාදයේ බණ කියමින් ධනවාදයට මුක්කු අල්ලන එක නම් නියමෙට කරනවා. සිංහරාජ මායිමේ තේ වගා කළාම මොකද වෙන්නේ? සිංහරාජේ මැදින් පාරවල් කපන එක හොඳද? ඔය මී ගහ ගැන කතාවත් අමූලික බොරු පුහු මතයක්. සුද්දෝ පොරව අරගෙන ඇවිත් මී ගස් කැපුවේ නැහැ. පලකට නැති නිසා අපේ මිනිස්සුම තමයි ඔය ගස් කපලා දැම්මේ. අනික, මී ලීයෙන් වත් ඵලක් තියනවද? මී ඇට කන්න එන වවුල්ලු ලගින මී ගස ඔය කියන තරම් අවට පරිසරය සශ්‍රීක කරන්නේ නැහැ. ඔය කියන මී ගස් තිබුණ පරිසරයන් (වතු) ගැන මම අත්දැකීමෙන්ම හොඳින් දන්නා නිසයි මෙය ලියන්නේ. මීගස් වවන වෙලාවේ එතන පොල් ගහක්, කජු ගහක් වවන එක නරකද? නිකමට සිතන්න, ජාල මුලාශ්‍ර හමුවේ වැවෙන කුඹුක් ගසෙන් ඇති ප්‍රයෝජනය ඔය කියන මීගසෙන් ලැබෙනවද? හුරතලේට වවුල්ලු ඇතිකරන අයට නම් ඔය මී ගස ප්‍රයෝජනවත් වේවි...!!!
අල්ලලා කපනවා ඔය රැවුල හොඳේ...
මේ මනුස්සයාගේ ඔලුව කොහෙවත් හැපිලාද? එක එක වෙලාවට එක එක දේ දොඩවනවා.
මෙතුමා දැන්ද නැගිට්ටේ?
පරිසර පද්ධතිය ගැන ඔබතුමාට තියෙන කැක්කුම දේශපාළුවන් හුඟක් දෙනෙකුට නැහැ..
මී ගස් වගා කිරීම හොඳ දෙයක්. නමුත් මා අසා තිබෙන පරිදි මී ගස වවුලන් ආකර්ෂණය කරන ගසක්. මෑතකදී වසංගත ලෙස පැතිරුණු සාර්ස්, ඉබෝලා, නිෆා, කොරෝනා වැනි වයිරස්, වවුලන් හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට මතයක් පවතී. එබැවින්, රටේ මී ගස් ප්‍රචලිත කිරීමට ප්‍රථම ඉහත සඳහන් කරුණුද සැලකීම වැදගත් බව සිතමි.
වාසුගේ බොරු සද්දේ විතරයි. අපේ සර් කියලා තියෙන්නේ මිනිස්සුන්ට කරදර නම් ඕනෑම කැලයක් කපා දමන්න කියලා. මතකයිනේ ගාල්ලේ නෙලුව සිද්ධිය...?
පාරවල් ලොකු කරලා බස් දාලා හෝටල් හැදුවට වැරැද්දක් නැද්ද අපේ මහත්තයෝ..?
සිංහරාජ අඩවියේ අනාගතයේ ගංජා වවයි.. ඇයි 2/3ක බලය තියෙනවා...
ඇමැතිතුමෝ සිංහරාජ අඩවිය නොවේ, ලංකාවම ඇමෙරිකාවට හෝ චීනේට වික්කත් කම් නැහැ.. ඒකනේ මිනිස්සු 2/3ක් දුන්නේ සද්ද වහලා ඉන්න.
බොරුවට ලකුණු ගන්න ගොරවන්න එපා... ඔයාලා ගැන මිනිස්සු හඳුනනවා.
චොකා මල්ලි පාර්ලිමේන්තුවට එන එක ගැන මොකද හිතන්නේ?
සිංහරාජ මායිම එළිකරන එක ප්‍රශ්නයක් නම් සිංහරාජේ ඇතුලේ පාරවල් කැපීම ප්‍රශ්නයක් නැතිද කම්කරු නායකයාණෙනි..?
සිංහරාජ මායිමේ තේ සිටුවීම වරදක් ලෙස පෙනේ නම් සිංහරාජය මැද්දෙන් පාරක් කපන ව්‍යාපෘතිය වරදක් නොවේද?
මෙතුමාගේ මේ තීරණය ඉතාමත්ම වැදගත් දෙයක්. ඔය පැත්තේ පමණක් නොවෙයි රටේ තවත් පළාත්වල මේදේ සිදුවෙනවා... කිසිඳු ඉවක් බවක් නැතිව. සුද්දා තේ වැව්වා කියමුකෝ. ඒත්, ඒ මිනිසුන් දොළ රක්ෂිත, ගං ඉවුරු, හොර ආදී මහා රූස්ස ගස් පරිසරය රැක ගැනීමට ඉතිරි කළා. ඒත් මේ රටේ මිනිසුන් ඒවා අද සියල්ල වනසලා. අද ගං ඉවුරු, දොළ රක්ෂිත නැහැ. මොන උප්පර වැට්ටියක් හරි දාලා දැනට ඉතිරිව ඇති රූස්ස ගස් ටිකටත් වැඩේ දෙන්නයි අර අඳින්නේ. ඉත්තෑවා, තලගොයා, ගෝනා, මීමින්නා ඇතුළු බොහෝ සතුන් දැන් හිඟයි. අල්ලගෙන තම්බන් කාළා. මේවාට නීති නැහැ. සමහර පොලීසි වලටත් මස් පංගුව ලැබෙන නිසා මස් වැද්දන් පරදන්න කාටවත් බැහැ. මේක තමයි අමිහිරි සත්‍යය...