IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක්

(අජිත්ලාල් ශාන්තඋදය)
 
සිංහරාජ වනාන්තරයෙන් සත්ත්ව සහ ශාක කොටස් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 37 කට වරද පිළිගත් ස්ලෝවැකියානුවන් පස් දෙනෙකුට අද (13) රුපියල් එක්කෝටි අට ලක්‍ෂ හතළිස් දහසක දඩයක් නියම කළ කලවාන මහේස්ත‍්‍රාත් ඩිලාන් වීරවර්ධන මහතා බරපතල වැඩ සහිතව මාස තුනක දඩුවම්ක් නියම කර එය වසර දහයකට අත්හිටුවීය.
 
මෙසේ දඩ නියම වූයේ ස්ලෝවැකියානු ජාතිකයන් වූ මිචාල් නචාර් , එඞ්වර්ඞ් සෙකානස්කි , මිචාල් රෙච්ටර් ,ඉවාන් රෙච්ටර්,රැඩොස්ලාව් කොපෙකි යන පස් දෙනායි. 
 
සැකකරුවන් රටින් පිට කිරිමට ගෙන ගිය සත්ත්ව සහ ශාක විශේෂ වල වටිනාකම මිලකළ නොහැකි බවත් ඇතැම් විශේෂ ඒකදේශක සහ සිංහරාජයේ පමණක් ඇති ඒවා බවත් වනසංරක්‍ෂණ නිලධාරීහු දැනුම් දුන්හ. 
 
සිංහරාජ වනාන්තරයට යාබද කලවාන වැද්දාගල කුඩව ගම්මානයේ ලැගුම්හලක සිට මෙම පිරිස පිළිබඳව සිංහරාජ වනාන්තරය භාරව කටයුතු කරන වනසංරක්‍ෂණ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත මොවුන්ගේ ගමන් මලු සහ ඔවුන් පැමිණි වෑන් රථය පරීක්‍ෂා කිරීමේ දී සමනලුන්, හකරැල්ලන්, තණකොළ පෙත්තන්, කුරුමිණියන්, කුහුඹුවන්, කංගන්, ගෝණුස්සන්, සළබයින්, බත්කූරන් ආදී සතුන් ද, ඔකිඞ් වර්ගවලට අයත් ශාක සහ තවත් ශාක වර්ග රැසක බීජ ඉතා සුරක්‍ෂිත අන්දමින් ප්ලාස්ටික් අසුරණවල අසුරා තිබී සොයාගනු ලැබිනි. ඉන් සමහර සතුන් පණපිටින් සිටිනු නිරීක්‍ෂණය කරනු ලැබීය.
පසුගිය ජනවාරි 02 දා අත්අඩංගුවට පත් විදේශිකයන් එදින සිට රිමාන්ඞ් බාරයේ පසුවූ අතර බන්‍ධනාගාරය මගින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
 
මෙම නඩුව අද  (13) කලවාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැඳවු අවස්ථාවේ චෝදනා පත‍්‍රය ස්ලොවැකියානු භාෂාවට පරිවර්තනය කර පහදාදීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙනු පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වීය.
 
ශ‍්‍රී ලංකාවේ වැඩ ආවරණය කරන දිල්ලි  නගරයේ නේවාසිකව සිටි ස්ටෝවැකියානු මහකොමසාරිස්වරිය ද නඩුවිභාගයට නව දිල්ලියේ සිට පැමිණ සිටියාය.
 
වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවිවන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා පැමිණිල්ල මෙහෙයවමින් සැකකරුවන් පස්දෙනාට කැලෑ ආඥා පනත සහ වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව චෝදනා 37ක් ගොනු කරන බව දැන්වීය. 
 
ඒ අනුව අධිකරණයට සහායවීමට පැමිණ සිටි භාෂා පරිවර්තකවරයා සැකකරුවන්ට එරෙහි චෝදනා ස්ලෝවැකියානු භාෂාවට පරිවර්තනය කර දෙන ලැබිනි.



අදහස් (0)

සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site