IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


“සෙසු පාසල් ශ්‍රේණියෙන් ශ්‍රේණිය විවෘත කරනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයිනේ සෙසු පාසල්ද ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉදිරියේදී  විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාසල්වලින්  සියයට 98ක් විවෘත කිරීමට හැකිවුණු බවත් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම ඉදිරි සතියේ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසූවේ  පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

සිසුන් 52000 කට අධික සංඛ්‍යාවක්ද ගුරුවරුන් අට දහසකට අධික සංඛ්‍යාවක්ද පාසල්වලට පැමිණ ඇතැයි  පැවසූ ඇමැතිවරයා  පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මේ කටයුතු සාර්ථක කර ගැනීමට  සහය දැක්වූ විදුහල්පතිවරුන් ගුරුවරුන් ආණ්ඩුකාරවරුන්  අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල සියලු නිලධාරීන් සහ විවිධ මහජන සංවිධාන සහ මවුපියන්ට ස්තූතිය පුද කරන බවද  ගුණවර්ධන මහතා කීවේය.



අදහස් (4)

“සෙසු පාසල් ශ්‍රේණියෙන් ශ්‍රේණිය විවෘත කරනවා’’

මහජනයා Friday, 22 October 2021 07:11 PM

සත්‍ය නම් අනෙකුත් පාසල් සම්පූර්ණයෙන් ආරම්භ වීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවන බවයි. ඉන්පසුත් බොහෝවිට මාස කිහිපයක් යනතෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. වසර දෙකකට අසන්න කාලයක්, වාර විභාග 5ක් මගහැරුණු දරුවන්ට සෑම ශ්‍රේණියක් සඳහාම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කරන වාර විභාගයක් සූදානම් කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හඳුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් හදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් ලබන සතියේ සිට පාසලට කැඳවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ...

:       1       6

මහජනයා Friday, 22 October 2021 07:18 PM

දැන්වත් අවශ්‍ය විටකදී නිලවශයෙන් මාර්ගගතව රාජකාරී කිරීමට අවශ්‍ය චක්‍රලේඛන සූදානම් කරන්න. රාජකාරි නිසිපරිදි පැවරීම, නියාමනය අවශ්‍ය දීමනා හෝ උපාංග ගැන සිතන්න.

:       1       3

chandana Saturday, 23 October 2021 08:46 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියමින් හැමදාමත් කලේ අපේ මුදල් නිරපරාදේ වියදම් කරමින් නිලධාරීන් පිට රටවලට යවා ඒ් රටවල ක්‍රම ‌මෙහෙ ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන එකයි, හැමදාම විෂය නිර්දේශ වෙනස් කරන ඒකයි විතරයි. ඒ් ඒ් අයගේ පෞද්ගලික ජීවිත ප්‍රතිසංස්කරණය වනවා විනා අධ්‍යාපනයට කිසිවක් ලැබී නැත. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමෙන් හො සංවෘත සේවාවන් කිරීමෙන් හෝ සිදුවන්නේද මෙම තත්වයම විනා වෙන කිසිවක් නොවේ. මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක් බව පැහැදිලි බැවින් මෙයින් නොනවතිනු ඇත. අනාගතයේ මෙවැන්නක් සිදු නොවීමට පළමුව රජයේ මුදලින් වැටුප් ගෙවන්නන්ට නියමිත රාජකාරිය ඉටු නොවන්නේ නම් ඔවුන් ඉවත් කර ඉදිරි පරම්පරාවට එම තනතුරු වලට පැමිණීමට ඉඩ සැලසීමේ ශක්තිමත් නීති පනවන්න. කම්කරු නීති හෝ මූලික අයිතිවාසිකම් මේ සඳහා අදාල කළ නොහැකි කරුණු ලෙස මහජන මුදලින් වැටුප් ගෙවමින් සේවය ලබාගන්නේ සමාජ සුභසාධනය සඳහා මිස ලාභ ලැබීමට නොවන තර්කයත්, ඒ්ක පුද්ගල අයිතිවාසිකම් වලට වඩා සමාජ අයිතිවාසිකම් බලවත් කිරීමේ තර්කයත් නෛතිකව ඇතුලත් කරන්න.

:       0       4

Prasa Sunday, 24 October 2021 02:26 PM

ඔහොමයන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site