IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසු ඝාතනයේ සැකකාර සිසුවා සිද්ධිය වු ස්ථානයට රැගෙන යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වැදගත් සාක්කි කිහිපයක් සොයා ගැනීම සදහා මාතර මූලස්ථාන පොලීසිය අද  (29) මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව සැකකාර 16 හැවිරිදි සිසුවා බන්ධනාගාර නිලධාරීන් බාරයේ මාතර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවේය.


ඝාතනයට උපයෝගී කර ගත් පිහිය හා එම අවස්ථාවේ දී ඔහු ඇද සිටි ලේ තැවරුණූ ඇදුම් සොයා ගැනීම සදහා එම සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ අදාල ස්ථාන වෙත රැගෙන යාමට අවශ්‍ය බව පොලීසිය මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.


ඒ පිළිබදව කරුණු සලකා බැලූ මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කේ.විතාරණ මහත්මිය දැඩි ආරක්ෂාවක් යටතේ සැකකරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සදහා අවසර ලබා දුන්නාය.


ඒ අනුව විටියල පදිංචි එම ප්‍රධාන සැකකරු ඝාතනයට උපයෝගී කර ගත් පිහිය නිල්වලා ගගේ නායිම්බල පාලමෙන් ගඟට විසි කළ බවට පොලීසීයට ප්‍රකාශ කර තිබු අතර එම පිහිය විසි කළ ස්ථානයද පෙන්වීය.


ඊට අමතරව ඔහු ඇද සිටි ලේ තැවරුණු ඇදුම්,ජංගම දුරකථනය හා පාසල් බෑගය කිරඹ ආරට විසි කළ බවද දින දෙක හමාරක් කුරුම්බා බොමින් සැගවී සිටියේ විටියල කුරුදු ඉඩමක බවද ප්‍රකාශ කර තිබුණි.


ඒ අනුව පොලීසිය එම සැකකරු කිරඹ ආර අසලට ද අදාල කුරුදු ඉඩමට ද රැගෙන ගියේය.


ඒ කිසිදු ස්ථානයකින් වැදගත් සාක්ෂියක් සොයා ගත නොහැකි වු බවත් සැකකරුගේ ඇතැම් කරුණු පරස්පර බවත් උසස් පොලිස් නිලධාරියෙකු  සඳහන් කළේය.


කෙසේ වෙතත් පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු යළි මාතර බන්ධනාගාරය වෙත රැගෙන  ඒමට  නිලධාරීහු කටයුතු කළහ.

 



අදහස් (3)

සිසු ඝාතනයේ සැකකාර සිසුවා සිද්ධිය වු ස්ථානයට රැගෙන යයි

පුෂ්පකුමාර Thursday, 29 November 2018 02:15 PM

මේකා වයසේ තරමට නෙවෙයි බොරු කියන්නේ? මොහු සැඟවීමට උදව් කළ අයවත් අත්අඩංගුවට රැගෙන හිරේ දමන්න ඕනෑ. හිරේ ඉන්න කොල්ලෝ ටික තවම හරියට සලකලා නැහැ වගෙයි ඇවිදගෙන යන විදිහෙන් පේන්නේ?

:       0       0

Bandula. Friday, 30 November 2018 11:42 AM

මේ අයගේ වයසට නොගැලපෙන චණ්ඩිකම් කරන නිසා, තවත් බොරු කියනවා නම් ඇටකටු කුඩුවෙන්න දෙකක් ඇන්නානම් නිකන්ම කියාවි.

:       0       2

චිත්‍රානි - ගාල්ල Wednesday, 05 December 2018 03:09 PM

ඇන ඇන ඉන්න දෙයක් නැහැ... උස්සලා අරන් ගඟට දාන්න... පව් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site