IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක්

(උපාලි ආනන්ද)

පාසල් සිසුවෙකුගේ වම් කනට පහරදී අඩන්තෙට්ටම් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විදුහල්පතිවරයෙකු එකී චෝදනාවට වරද පිළි ගැනීමෙන් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට අද (25) නියෝග කළේය.

පැමිණිලිකාර පාසල් සිසුවාට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර විදුහල්පතිවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවමකටද යටත් කෙරිණ.

විත්තිකරුගේ රැකියාවට හානියක් ඇති නොවන අයුරින් මෙම දඬුවම නියම කළ බවද විනිසුරුවරයා ලබාදී ඇති නියෝගයේ සඳහන්ය.

මෙසේ දඩුවම් නියම වූයේ එප්පාවල  හුරීගස්සැව පදිංචි නීල් කීර්ති බංඩාර වාසල නැමැති විදුහල්පතිවරයෙකුටය.

2015 වසරේ මාර්තු මස 18 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයයේ එප්පාවල මාවතවැව විද්‍යාලයේ වයස අවුරුදු 18 ට අඩු සුනෙත් ප්‍රියන්ත ගුණතිලක නැමැති බාලවස්කාර ළමයාගේ භාරකාරත්වය හා ආරක්ෂාව දරා සිටිමින් එකී ළමයාට වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදු විය හැකි ආකාරයට අඩන්තෙට්ටම් කිරිමෙන්  එකී ළමායාගේ වම් කනට පහර දීමෙන් ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 308 (ආ) 2 වගන්තිය යටතේ වරදක් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ 2019 වසරේ ජූලි මස 12 වන දින අධි චෝදනා ගොනු කර තිබිණ.

විත්තිකරු තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ එප්පාවල මාවතවැව විද්‍යාලයේ ගුරුවරයෙකුව සිටිමින් මෙම වරද සිදු කර ඇති බවත් ඔහු මේ වන විට තඹුත්තේගම  අධ්‍යාපන කලාපයේ  පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය  කරන බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

විත්තිකරු පැමිණිලිකාර ළමයාගේ වම් කනට පහරදීම හේතුවෙන් එම ළමයාගේ වම් කන අභ්‍යන්තරය පුපුරා ගොස් ඇති බව ළමයා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් එම් එච් එම් කේ සේනානායක මහතා මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු කර තිබිණ.

විත්තිකරු පැමිණිලිකාර 15 හැවිරිදි ළමයාට පහරදී ඇත්තේ එම ළමයා තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ එප්පාවල මාවතවැව විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී බවද අධිකරණ නඩු විභාගයේදී කියැවිණ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් එම් එච් එම් කේ සේනානායක සහ එවකට එප්පාවල පොලිසියේ  ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරික්ෂක ඩී එම් කුමාරසිංහ මහතා ඇතුළු හය දෙනෙකු මෙම නඩුවේ සාක්සිකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික  විභාගය තඹුත්තේගම  මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන්ද අල්විස් ගුණතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු  වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි මහතා පෙනී සිටියේය.



අදහස් (1)

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 02:27 PM

ප්‍රින්සිපල් කෙනෙකු ළමයකුගේ කන පලෙන්නම ගහලා ...හරිම අපූරුයි.. නේද?..

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site