(නිමන්ති රණසිංහ)
මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළැයි කියන සිද්ධිකයකට අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (04) නියෝග කළේය.
මෙම සැකකරුවන් තවමත් ශිෂ්‍යයින් වීමත් තුවාල ලැබූ අනෙක් ශිෂ්‍යයාගේ කොදු ඇටපෙළට හානියක් සිදුවුවහොත් එය මිල කළ නොහැකි බවත් සඳහන් කළ අධිකරණය සැකකාර ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සැකකරු ශිෂ්‍යයෙක් වූ බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනට ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සිසුවාගේ කොදු ඇට පෙළට හානි සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත් බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු අණාවරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
538
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ්
Nimal Tuesday, 04 December 2018 04:36 PM
පාර්ලිමේන්තුවේ කට්ටිය මෙයාගෙන් කොපි කලාද? මෙයා පාර්ලිමේන්තුවේ කට්ටියගෙන් කොපි කලාද?
රොෂාන් Tuesday, 04 December 2018 08:18 PM
ඔව් ඉතින් රට හදන තැන පුටු වලින් ගහගන්නකොට ඒවා පෙන්නනන්කොට මේ ළමයින්ටත් හිතෙනවා ඇති එහෙම හොඳයි කියළා. කෝ දැන් අර මහතුරුන්ට නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ නැතැයි?
sarath perth Wednesday, 05 December 2018 07:08 AM
පාර්ලිමේන්තුවේ සිදුවුනේ මෙගා ටෙලිනාටකයක රඟපෑමක්නේ ඒවාට නඩු නැහැ