IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සුසිල් පස්සට විසි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තුවේ  ආසනයද වෙනස් කර ඇත.

ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  අවස්ථාවේ  ඔහුට පාර්ලිමේන්තුවේ වෙන්වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ 31 වැනි ආසනයයි.

ප්‍රේමජයන්ත මහතා   මේවෙනවිට මන්ත්‍රීවරයකු  පමණක් හෙයින්  ඔහුට ආණ්ඩු පක්ෂයේ 71 වැනි ආසනය වෙන්කර  ඇතැයි වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අනුව ඔහු ආසන 40කින්  පිටුපසට ගොස් ඇත.

ප්‍රේමජයන්ත මහතා  ආණ්ඩු පක්ෂයේ 71වැනි ආසනයේ ඊයේ(18) අසුන් ගෙන සිටිනු දැකගත හැකි විය.

ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම  රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.

 



අදහස් (1)

සුසිල් පස්සට විසි වෙයි

gunarathna Wednesday, 19 January 2022 06:12 AM

ලැජ්ජාවක් තියනවානම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ.යන්න බැහැනේ බල පෙරේත කම නිසා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 443 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site