(පාලිත ආරියවංශ)

හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසලේම ගුරුවරයෙකු  අද (28)  බදුල්ල පොලිසියට බාර වූ බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවල පසු වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනය ලක් කළැයි බදුල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබූ අතර අද (28) වන විට එම පැමිණිලි සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

පොලිසියට බාර වූ 44 හැවිරිදි සැකකරු හෙට (29) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.