IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සිසුන් ඇතුළත් කිරීම ගැන දකුණු ආණ්ඩුකාරවරයාට එරෙහිව විගණකාධිපතිට පැමිණිලි

(තරිඳු ජයවර්ධන)
 
පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ඇතැම් පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා  ලිපි නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
ආණ්ඩුකාරවරයාගෙන් නියමයෙන් දකුණු පළාතේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ විගණකාධිපතිට     ලිඛිතව පැමිණිලි කළ බව ද ස්ටාලින් මහතා කීවේය.
 
පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක් ලබා දී ඇති බවත්, 2021 වසරේදී පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35 දෙනෙක් වන පරිදි 2016 වසරේ සිට ක්‍රමයෙන් ළමයින්ගේ සංඛ්‍යාව 40 සිට අඩුවෙමින් යන බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.
 
ඒ අනුව මෙම වසරේ එක ශ්‍රේණියට ඇතුළත් කර ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනකු බවත්,  එම සීමාව ඇතුළත යම් පාසලක පුරප්පාඩුවක් පවතී නම් පොරොත්තු ලේඛනය අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවත් ඔහු කීවේය.
 
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කිරීමට නියෝග කර ඇති බව ද, එවැනි නියෝග නීත්‍යනුකූල නොවන බව ද ස්ටාලින් මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් විමසීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද අසාර්ථක විය.
 
ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද බව කියන ලිපියක් පහත දැක්වේ. 

 



අදහස් (6)

සිසුන් ඇතුළත් කිරීම ගැන දකුණු ආණ්ඩුකාරවරයාට එරෙහිව විගණකාධිපතිට පැමිණිලි

Bamunuarachchi Sunday, 07 July 2019 12:15 PM

මොන මගුලකටද මේ ආණ්ඩුකාරයෝයි, මහා අමතියෝයි මේ පොඩි රටට? මගේ සතේක රෙස්පෙක්ට් මොවුනට නැහැ.

:       100       108

BamunuarachchiMonday, 08 July 2019 12:34 AM

පන්තියක සිටියයුතු ළමයි සීමාව තීරණය විය යුත්තේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුමන්ඩලයෙන්. එයට පන්තිකාමරයේ ප්‍රමාණය පන්තිය පවත්වන කාලය යනාදී කරුණු කාරනා ගණනාවක් බලපානවා.

:       2       0

vernonMonday, 08 July 2019 04:29 AM

ඔයාගේ රෙස්පෙක්ට් තියා මොන දේවත් කාටවත් ඕන නෑ. හැබැයි ඔයත් ළමයෙක් මෙහෙම දාගන්න ගියා නම් ඔය කතා මොනවත් නෑ. නිකං බොරුවට මාධ්‍ය වල මිනිස්සු දේශපාලනඥයින්ගෙන් රට හදන්නයි ජාතික ප්‍රතිපත්ති ගැනයි ඇහුවට මිනිස්සුන්ට ඇත්තටම ඕන හොර පාරෙන් රස්සාවලට දාගන්නයි, ඉස්කෝල්වලට දාගන්නයි, තමන්ගේ පුද්ගලික වැඩ කරගන්නයි තමන්ගේ විරුද්ධවාදීන්ට සත්තමක් දාන්නයි. එහෙම ජනතාවක් ඉන්නකම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       0       78

අනුර Monday, 08 July 2019 01:00 AM

මේ වගේ බලයෙන් මත්වුන ආණ්ඩුකාරයෙකු මීට පෙර දකුණේ හිටියේ නැහැ.

:       0       3

මුණසිංහ Monday, 08 July 2019 01:45 AM

මෙයාල නේද පහුගිය කාලෙ නීති විරෝධි වැඩ කරනව කියල උඩ පැන පැන ආණ්ඩු වලට බැන්නේ?

:       0       2

මිණිරුවන් Monday, 08 July 2019 04:50 AM

බලය අතට ලැබුණම නීතිය වල් වදිනව. කොහොම නමුත් දරුවෙකුට පාසලක් කියන්නේ මහා වටිනා දෙයක්. ඒත් ඒක කාටත් සාධාරණ ලෙස ඉටුවන පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2178 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site