IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සිසුන් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්

(ඩබ්. ඒ. පියතිලක)
 
පාසල් සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව, ලංකාපුර පාසලක විදුහල්පතිවරයකු අද(17) අත්අඩංගුවට ගෙන මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රත් සුරංග අසේළ ද සිල්වා මහතා මාර්තු 3 වන දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ බව පුලස්තිපුර පොලිසිය කියයි.
 
මෙසේ බන්ධනාගර ගතව ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ පදිංචි චන්දන කරුණාතිලක (47) හැවිරිදි විවාහක තිදරු පියෙකි.
 
පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරයා අද(17) අත්අඩංගුවට ගත්තේය.
 
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව පුලස්තිපුර පොලිසියට දැනුම්දීමෙන් පසු  විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. 
 
උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව  ප්‍ර දේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයවිමෙන් පුලස්තිපුර  පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  පී.  පී.  කේ.  පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 31075  චම්පික  ඇතුළු නිලධාරින් කාණ්ඩායමක් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 



අදහස් (2)

සිසුන් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්

saradiyel Monday, 17 February 2020 12:43 PM

මේ මොන විදුහල්පතිවරුද? කිසිම සමාවක් නැතිවකෙලින්ම එල්ලන්න ඕන. දැන් ඉස්කෝලෙකට ළමයෙක් යවාගන්නත් බයයිනෙ.

:       0       1

saradiyel Tuesday, 18 February 2020 01:19 AM

අනේ මෙහෙමත් ගුරුවරු. දැන් ළමයි ඉස්කෝලේ යවන්නත් බයයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site