IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුන් අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්

(පාලිත ආරියවංශ) 
 
හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසැලක  ඉගෙනුම  ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා සැප්තැම්බර් 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පස්සර මහේස්ත්‍රාත් චමින්ද කරුණාරත්න මහතා අද(29) නියෝග කළේය.
 
එම ගුරුවරයා ඊයේ (28)  බදුල්ල පොලිසියට බාර වූ පසු ඔහුව අත් අඩංගුවට ගෙන (29) අද   පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලැබීය.
 
රමේෂ් රාමචන්ද්‍රන් නමැති මෙම ගුරුවරයා  සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා වන නමුදු  ඊට අමතරව විදුහල්පතිගේ අවසරය මත  ගණිතය විෂය උගන්වා ඇති බවත් පාසැල් කාලයෙන් පසු  පාසැලේදීම සිසුන්ගෙන් මුදල්  අයකර  අමතර පන්ති පවත්වා ඇති බවත් විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
 
මෙම සිද්ධීන් විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුවී විමර්ශනය කිරීම සඳහා  විදුහල්පතිවරයාගෙන්ද ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.
 
බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

සිසුන් අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site