IMG-LOGO

සුසන්ත පුංචි නිලමේගෙන් එෆ්සීඅයිඩීය පැය 2 ක් ප්‍රකාශ සටහන් කරගනී

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මාසයේ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශණ ඒකකය ඒ මහතාගෙන් අද (15) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනයන් වලදී පැවැති නොසන්සුන්කාරී තත්ත්වයට වගකිවයුත්තේ කතානායක කරු ජයසූරිය මහතා බවත් ඒ සම්බන්ධයේන් නිසි පරීක්ෂණයක් කර පියවර ගන්නා ලෙසත් සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීවරයා ඉකුත් දෙසැම්බර් මස 11 වැනිදින පොලිස් දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා පැමිණිලිකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද පෙරවරු 10.30ට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්වීමක් හෝ එවැනි සිදුවීමක් අපේක්ෂාවෙන් වුව ඒ ඔස්සේ රටේ මහජන කැළඹීමක් කර රට අස්ථාවර කිරීම තුළින් සහ ජනාධිපතිවරයා ගත් තීන්දුව නීත්‍යානූකූල නොවන බවට ලෝකය හමුවේ ඒත්තු ගන්වමින් ජනාධිපතිවරයා තනතුරින් පහකර රාජ්‍ය බලය තමන් අභිමත පුද්ගලයෙකුට ලබාදීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන්නේ යැයි මන්ත්‍රීවරයා කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.



අදහස් (18)

සුසන්ත පුංචි නිලමේගෙන් එෆ්සීඅයිඩීය පැය 2 ක් ප්‍රකාශ සටහන් කරගනී

Raveendra Friday, 15 February 2019 02:14 PM

ඒ කාලේ පාවිච්චි කළ " පාරාල ඇණ" නැවත බාරදීලා නැති හින්දද දන්නේ නැහැ..?

:       209       655

ඇලපාත සංජීවා Friday, 15 February 2019 02:15 PM

ලෝක කපටියෙක් සහ රත්නපුර මොරගහයට පැත්තේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනා කෙනෙකුට ත්‍රිකුණාමලයේ ආණ්ඩුවට අයිති මුහුුදුබඩ ඉඩමක් මෙයා ලබා දුන්නා. අදාළ බලධාරීන් කරුණාකර මේ ගැන සොයා බලන්න...

:       71       448

samanFriday, 15 February 2019 06:49 PM

මොරගහයට ‘අස්ථි’ සුජීද?

:       0       98

පිටිගල මිලානෝ Friday, 15 February 2019 02:17 PM

පුංචි නෙවෙයි මෙයා ලොකු පරාල ඇණ නිලමේ කෙනෙක්...

:       118       353

ධනුෂ්කSaturday, 16 February 2019 01:38 AM

මෙතුමා පාර්ලිමේන්තුවටත් ගියපු එකේ. තව මාල කඩපු, කාන්තාවන් දූෂණ කරපු, මිනීමරපු, හොරකන් කරපු අය පාර්ලිමේන්තු යවපු මහ ජනතාවක් ලංකාවේ සිටින එකේ සියළු අපරාධ කරන මධූෂ් වගේ කෙනෙක් ජනාධිපති නොකරයි කියලා කාටද කියන්න පුලුවන්...? හොඳ තිර රචනයක් සහිත කතන්දරයක් ගොඩ නැගුවොත් මධූෂ්ට එ්ක පුලුවන්. අර ගම්පහින් ටෙලිනිළියක් එක් වුනේ...

:       0       95

sandy123Saturday, 16 February 2019 05:54 AM

එතුමා, මෙතුමා යන ගරු නම්බුනාම මෙවන් පුද්ගලයින්ට භාවිතා කර එම නම්බු නාමවලට අගරු කරන්න එපා.

:       0       32

RaveendraSaturday, 16 February 2019 06:59 AM

ධනුෂ්ක මයා වෙත, ඔබ විසින් මෙම තක්කඩින්ට තුමා යන වැදගත් වචනය භාවිතා කරන්නේ කිනම් පදනමක් යටතේද? 225ක් වූ ගවරෑනට එම වචන බාවිතා කිරීම කිසිසේත්ම නුසුදුසුයි යන්න අපගේ හැඟීමයි. අනිත් වැදගත් වචනය වන්නේ "ගරු" යන්නය. "මෙම මහජන නියෝජිතයන් සියල්ලන්ම ඔබේ, මගේ, අපේ බදු මුදල්වලින් යහමින් සැප විඳිමින් ජීවිකාව පවුල් පිටින් ගත කරන්නෝය ". කිසිවකු නොමිලේ කිසිඳු මුදලක වැටුපක් සේ හෝ කිනම් ආකාරයකටවත්" නොගන්නෝ ගරුසේවයක් කරන්නෝය ".. මෙම ගවයන් 225ගේ නම් ඉදිරියේ භාවිතා කළයුතු වඩාත්ම සුදුසු වචන වන්නේ "පිං ජනපති", පිං අගමැති, පිං ඇමතියෝ, පිං මන්ත්‍රියෝ" ලෙසය. මෙම අදහස් පිස්සන් 225ම කියවීමට හැකි වේවා...!!!

:       0       123

C.K.Lankaputhra Friday, 15 February 2019 02:27 PM

මිනීමරුවෙකුට පමණක් එහෙම හිතන්නත් පුලුවන්...

:       137       89

nihal ck Friday, 15 February 2019 02:49 PM

මෙවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම ගැන වගකිව යුත්තේ ඡන්ද දායකයයි.. තම පක්ෂයට පූජාකරන කෝටි ගණන් මුදල් නිසා නායකයින් අපේක්ෂකත්වය දුන්නත් බුද්ධිමත් රටවැසියා කල්පනාකාරීව මොවුන්ට ඡන්දය දුන්නේ නැත්නම් අද අපේ රට බොහෝදුර ඉදිරියට ගිහින් 225... මේ එක්කෙනයි තව සිය ගණනක් ඉන්නවා.

:       0       121

Jayakanthi Friday, 15 February 2019 04:32 PM

මෙයා දියවඩන නිලමේගේ මස්සිනා බව දන්නේ බොහොම ටික දෙනෙක්.

:       0       154

Amila Friday, 15 February 2019 06:14 PM

අර ඊයේ, පෙරෙදා තරුණයෙකූත් පිස්තෝලෙන් වෙඩි තියලා මරන්න හදපු එක ගැන අැහුවේ නැද්ද? රත්නපුරේ පරාල ඇන රජු...

:       0       49

Laalini Friday, 15 February 2019 06:41 PM

දරුවෙක්ගේ කණට පරාල ඇණයක් ගසා මරන්න හිතෙන්න කොතරම් කුරීරු මනසක් තිබිය යුතුද? රෑට නින්ද යනවද මන්දා..?

:       0       150

kuleSaturday, 16 February 2019 08:06 AM

එපමණද? එදා ඒ යකඩ අනෙන් දුක්විඳ තරුණයා නියෝජනය කළ පෙරමුණේ එදා හිටපු නායකයින් කීදෙනෙක් මෙහි කතා නායකයා සමග එක පෙරමුණක දැන් ඉන්නවද? ඒවා විලිලැජ්ජා නැද්ද?

:       0       40

අමීර් මුතුර් Saturday, 16 February 2019 05:34 AM

නීති රීතියට සේවය කරන අය සුසන්ත පුංචිනිලමේ

:       0       3

Rani rathnapura Saturday, 16 February 2019 11:39 AM

නාලන්ද එල්ලාවල මිනීමැරුමට මොකද වුනේ? මෙයා මහින්දගේ දෑත ශක්තිමත් කරන්න පැන්නේ ඒ නිසා නේද?

:       0       16

Athula Saturday, 16 February 2019 01:00 PM

මොවුන් වගේ අමුම නරුමයන්ට ඡන්දය දෙන නරුම ජනතාවක් ඉන්න රටක් මේක.. දෙයිහාමුදුරුවනේ මොන හිතකින් අර රටක් වටිනා තරුණයන්ට පරාල ඇණ ගැහුවද?

:       0       34

Herath Saturday, 16 February 2019 02:21 PM

මෙවැනි පාතාලයන්ව නැවත පාර්ලිමේන්තු යවන්න එපා මොන පක්ෂෙන් ආවත්...

:       0       30

Daham Saturday, 16 February 2019 02:30 PM

පරාල ඇණ ගහලා මරපු දරුවෝ තුන්දෙනාගේ දෙමව්පියන් මේ පුවත් අදහස් බලනකොට කෙතරම් කම්පාවකට පත්වෙනවා ඇත්ද? සාපවේවා....!!!

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 58 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 618 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site