(නාලක සංජීව දහනායක)
ඛණිජතෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (09) පැවැසීය.
එවැනි අර්බුදයක් මතුවුවහොත් වැඩි මුදලට විදුලිය මිලදී ගැනීම සඳහා දැනටමත් විදේශ රටකින් ගෙන්වන බාච් දෙකක් ඈත මුහුදේ නැංගුරම් ලා තිබෙන බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් අද (09) පුංචි බොරැල්ල වජිරාශ්‍රම විහාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලබන ගිවිසුම් රාශියක් අත්සන් කිරීමට වත්මන් රජය සූදානම් වන බව කී ගුණවර්ධන මහතා ඊට අමතරව මහජන ආරක්‍ෂාවට තිබෙන අණපනත්ද මේ වනවිට වෙනස් වෙමින් තිබෙන බව කීය. රජය විසින් අත්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුමේ එක් කොටසක් වන ඉඩම් පනත් සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද කීය.
එහෙත් එම පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු පවරා තිබෙන බැවින් ජනාධිපතිවරයාටද මෙහිදී ජනතාව පැත්තේ සිටගැනීමට සිදුව තිබෙන බවද ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට ඛණිජතෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කප්පාදු කිරීමේ අර්බුධයක් නිර්මාණය වෙමින් තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය. මේ වනවිටත් මුහුදේ බාච් දෙකක් නවතා තිබෙන බවත් ඉන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් තිබෙන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පැවැසීය.
ජනතාව පිළිබඳව කිසිම තැකීමක් නොකරන වත්මන් ආණ්ඩුව කොමිස් කාක්කන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා බාච්වලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් ආණ්ඩුවේ එම අරමුණ ඉටුවන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ලෝක හොරෙක් ඇමති වුණාම ඔහොම තමයි. සූර්ය බලශක්ති ප්‍රොජෙට් ඒවටත් එයා වැට බැඳගෙන යනවා.. එයාට විශ්වාසභංගයක් ගෙනවා නම් අනිවා දිනන්න තිබුණා.
ලෝකෙ කොහෙවත් ඔය ආකාරයට තෙල් ණයට දෙන්නේ නැහැ. ටිකටික හරි ණය පියවෙනවා නම් ගනුදෙනු කරන්න බැරිකමකුත් නැහැ. විදුලි බලමණ්ඩලයේ අාදායම හැටියට වියදම් සකස් කරන්න ඕනේ... අවශ්‍ය ප්‍රමාණයට වැඩ සේවකයින් ඉන්න එක.. එ්ක හේතුවක්....
මෙයාට මේ ආණ්ඩුව අස්සන් කරන ගිවිසුම් ගැන හොඳ අවබෝධ තියනවා. හැබැයි මෙයා පුද්ගලික බැංකුවකින් ගත්තු ණය ගැන මෙයාට අවබෝධයක් නැහැ. මෙයාද මහින්දගේ ආර්ථික විශේෂඥයා?
ඒ උනාට අපෙන් මාසේ විදුලිබිල වෙලාවට අය කොර ගන්නවා.