(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානය සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට දහවල් 1.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයන් සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
COMMENTS
මැදපෙරදිග කට්ටිය ගෙනියන්නේ මැරුණාට පස්සේද?
රට විරුවන්ට වෙච්චි දෙයක්..
කොඩි අරගෙන ගෝඨාභය මහත්මයාට ඡන්දේ දීලා රට බේරාගන්න කියලා අතින් ටිකට් අරන් ආපු... රටවිරුවෝ අද නන්නත්තාර වෙලා. එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ ඉන්න ලොකු මිනිස්සු අද ඉස්මතුවෙලා... රට වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා වැනි රටවිරුවන්ට වචනයක් වැරදුණොත් හිරේ දමන, ඇමෙරිකාවේ ජාතිවාදයට විරුද්ධව නිහඬ උද්ඝෝෂණ කරන්න යන මිනිස්සුන්ට ගුටි සමග නඩු, සෙබලු අච්චර, මෙච්චර මැරුවා කියලා පාරම්බාන කරුණාලා නිදහසේ... අවමංගල උත්සව සමරන තොණ්ඩමන්ලා කොරෝනා නීති කඩන්නේ පොලිසිය ඉස්සරහ පිට, ආණ්ඩුවට දැන් මෙන්ටල්... ආණ්ඩුව හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු බයියන් කියලා...
විශේෂයෙන් කුවේට් වලින් ආරංචි වන්නේ ඉතාමත් කණගාටුදායක ප්‍රවෘත්ති බව දන්වන්නේ ඉතාමත් කණගාටුවෙනි. මහින්දානන්ද ඇමතිතුමා බෝම්බ ප්‍රකාශයෙන් පසුව කිසිම ශ්‍රී ලාංකිකයෙක් ගෙන්වාගැනීමට අපොහොසත් විය. බෝම්බ කතාවට අදාල මගීන් රැගෙන ආවේද? කුවේට් රජයේ වියදමින් හා ඔවුන්ට අයත් යානා දෙකකින්... මම දන්නා පරිදි මාර්තු සිට අද දක්වා කිසිම ශ්‍රීලන්කන් ගුවන් යානාවක් කුවෙයිට්වලට පැමිණියේ නැත. ඒ අතර රජය මැදපෙරදිග, කොරියාව ඇතුළු රටවල නව රැකියා අවස්ථා පිළිබඳව සොයාබැලීමට පටන්ගැනීම විහිළුවට කරුණකි.
මැදපෙරදිග අපි ගෙදර යන්නේ කවදාද?
අර බැංකුවේ කට්ටියත් ආපහු ආවාද? පසුගිය අවුරුදු 5 වහලා වගේ තිබුණු එකනේ ... දැන්නේ බැංකුවෙන් වැඩගන්න හොඳම වෙලාව...
ඔක්කෝම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය වෙන්නැති, ඔතන ලංකා බැංකුවකුත් තිබුණා නොවේද? ආයෝජකයින් ඉන්න පක්ෂ විපක්ෂ ලංකාවේ බලවතුන්ලු නේද?